IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිසු ගැටුමක් ජපුර වහයි

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.

කළමණාකරණ පීඨ හා ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර මෙසේ ගැටුම ඇතිවූ බවට ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (18)

සිසු ගැටුමක් ජපුර වහයි

sunimal Thursday, 12 September 2024 04:27 PM

මෙන්න මේ කාලකන්නින්ව සරසවි වලින් ඉවත්කරලාම දාන්න තරම් කොන්දක් සරසවි පාලන අධිකාරියට තිබිය යුතුයි. ඒවගේම අපරාධ නීතිය යටතේ මොවුන්ට උපරිම දඬුවම් ලබාදීමට පොලිසිය කටයුතු කළ යුතුයි. නැතිනම් මේ කාලකන්ණි අපේ රටට කරන විනාශය වළක්වන්න බැහැ. ගෙවල්වල ඉන්නකොට වල කක්කුස්සි වලට ගිය අය සරසවිවලට ආපුගමන් හොයන්නේ කොමෝඩ්. මොවුන්ට තවම තියෙන්නේ උසස්පෙළ සහතිකේ විතරයි. නමුත් රඟන්නේ Phd දෙක තුනක් තියෙනවා වගෙයි. අපි දැක්කනේ ඊයේ කොටුවේ රඟපාපු හැටි... පොලිසිය විතරක් නෙවෙයි පාරේ යන මිනිස්සුන්ගෙනුත් මොවුන් ගුටිකන දවස වැඩි ඈතක නොවෙයි. මෙයාලා කාගේ බළල් අතක්ද කියලා කවුරුත් දන්නවානේ...!

:       16       86

අලයා Thursday, 12 September 2024 04:52 PM

කෝ අර හැම එකටම අපි ආපුවාම එහෙම වෙන්නේ නැහැ කියන කට්ටිය...?

:       7       56

පිටරටවැසියා Thursday, 12 September 2024 05:12 PM

වෙන කවුද? පෙරෙට්ටෝ තමයි ඉතින්...!

:       5       50

podi hadaya Thursday, 12 September 2024 05:52 PM

පෙරෙට්ටන්ට වඩා ඔතැන ඉන්නේ ජවිපෙ මාලිමා කාරයින් සමාජය විනාශ කරන්න...

:       35       56

මැක්ස් Thursday, 12 September 2024 05:36 PM

මෙම පුවත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට ඇතිවන උපකල්පන මෙසේය. ශාස්ත්‍ර පීඨ හෙවත් ආටන් කළමනාකරණ හෙවත් මැනේජ්මන්ට් උපාධිය හදාරන අයට ජවිපෙ හෝ පෙරටුලාගේ ඡන්ද ව්‍යාපාරයට දායක වන්නට බල කරන්නට ඇති... නමුත් කළමනාකරණ හදාරන්නන් රනිල්ට සහාය දෙන බව කියන්න ඇති. ශාස්ත්‍ර කට්ටියගේ යෝජනාවට අකැමැත්ත ඵල කරන්න ඇති. බලහත්කාරය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ජවිපෙ/ පෙරටු භක්තිකයින් මොවුන්ගෙන් ඊට ගේම ඉල්ලන්න ඇති... ඉතින් සටන ඇවිලෙන්න ඇති...!

:       18       33

G.B.S. හේවාරාළThursday, 12 September 2024 09:23 PM

එහෙම හිතෙන් නෑ ලොක්ක. අපිට හිතෙන්නෙ කෙල්ලෙක් ගෙ පශ්චාත් භාගය උදෙසා සිදුවූ හටනක් කියලයි. මොකද ඔය පීඨ දෙකම අ.වි.වි.ශි.බ.ම. අපතයන්ගෙ තැන්.

:       0       1

ජයනාත් Thursday, 12 September 2024 06:00 PM

ලෝකෙ විශ්ව විද්‍යාල එක්ක බලනකොට අපි ඉන්නේ කොතැනද...? හරිම ලැජ්ජාවක්... දේශපාලකයින් සරසවි වලින් එළවන කම් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ගොඩ ගන්නවා බොරු... ඉතිං සිසුන් පුද්ගලික සහ විදෙස් විශ්ව විද්‍යාලවලට යන එක වැරැදි කියන්නේ කොහොමද?

:       3       40

Bandara Thursday, 12 September 2024 06:06 PM

NPP තව සනිපෙට තියෙයි...

:       16       41

රංබොඩ Thursday, 12 September 2024 06:11 PM

තම මෝඩ මතයේම බැහැගෙන කුහකකම් වලින් ඔළුව පුරවාගෙන ඉන්න මේ පරපුර නම් රටට බරක් වෙනවා. තමන් ආපු කාර්ය ඇරෙන්න අනිත් සේරම කරනවා. පාලකයින්ටත් දැන් කරගන්න දෙයක් නෑ...

:       4       42

ගමේ එකාලා Thursday, 12 September 2024 10:19 PM

විශ්ව විද්‍යාලවලට එන්නේ ඉගෙන ගන්නද? එහෙම නැත්නම් ඇන කොටා ගන්නද? කිසිම ශිෂ්ඨ සම්පන්න රටක මෙහෙම නැතුව ඇති. කිසිම හැදියාවක් නැති අය...!

:       0       1

සෙනෙවිරත්න Thursday, 12 September 2024 11:02 PM

මෙය එන් පී පියට මඩ වැදීමට කරන ලද කුමන්ත්‍රණයකි. දිනෙන් දින ජනතාව අතරට යන එන් පී පියට මෙවන් කඩාකප්පල්කාරි වැඩ කර තම ජනප්‍රියත්වයට හානි කර ගැනීමට අවශ්‍ය නැත. දේශපාලන දන්නා අය සරසවි වල බලය ඇත්තේ කාටදැයි දනී. අනවබෝධයෙන් එන් පී පියට මඩ ගැසීම නොකළ යුතුයි.

:       2       1

සෙනෙවිරත්න Thursday, 12 September 2024 11:04 PM

මේ මීට වසර දෙක තුනකට පෙර ලංකාවේ දෙමාපියන් සමග විසූ දරුවන් බව අමතක කර ඇත. එබැවින් මෙම දරුවන්ට අවලාද නැගීම උඩ බලා කෙළ ගසා ගැනීමකි...

:       3       0

Janaka Thursday, 12 September 2024 11:44 PM

තව මාලිමාවට කඩේ යන්න... ඔවුන් මේ රට බංග්ලාදේශයක් කරයි.

:       1       3

rK Friday, 13 September 2024 02:01 AM

සමාජයේ පට්ට කුහකයි කියලයි කියන්න තියෙන්නේ...! මොකද ගහගත්තේ කියලා දන්නේ නැතුව පෙරට්ටන්ටයි, මාලිමාවටයි, ජවිපෙටයි මඩ ගහනවා. ඔවුන්ට මතක නැතුව ඇති පාර්ලිමේන්තුවේ කොහොමද ගහ ගත්තේ කියලා?. ඕන තැනක ගැටුම් ඇතිවෙනවා. පිටරට කැම්පස් කියලා නෑ.. ඒ වලත් ළමයි ගහගන්නවා. වැස්සකටවත් කැම්පස්වලට යන්න බැරි වෙච්චි අයට තමයි ඉරිසියාව තියෙන්නේ...!

:       3       0

කපිල වසන්ත Friday, 13 September 2024 05:47 AM

මාලිමාව ආවාම ඔය සේරම හරි. එයාලා ඕක විසඳනවා. ඔය ඔක්කෝම මාලිමාවේ කට්ටිය. බලය ගන්න ඉස්සෙල්ලා ඔහොම නම් අනුර ජනාධිපති වුනොත් කොහොම තියෙයිද...?

:       0       3

ජගත් ලියනගේ Friday, 13 September 2024 06:20 AM

හරියට විස්තරයක් දන්නේ නැතුව යමක් ලියන්නට අමාරුයි . මොකක්ද වුනේ කියලා පස්සේ ප්‍රවෘත්තියක් දාන්න.

:       1       0

සෙනෙවිරත්න Friday, 13 September 2024 08:49 AM

මේ වෙලාවේ මාලිමාවේ ප්‍රධාන සතුරෙක් පෙරෙට්ටන්, පහුගිය දවසක කොටුවේ දුම්රිය පොල ළඟ කරපු උද්⁣ඝෝෂණය එහෙම එකක්, රටේ හරියට පාලකයෙක් නැතිකළ ඉල්ලීම් ඉල්ලන එක මෝඩකමක් නොවේද? ඒක දැන දැනම මේ කලබල කරන්නේ පොදු වශයෙන් සරසවි වල ඉන්නේ මාලිමා අය කියලා සමාජය හිතන නිසා, ඒත් පෙරටුගාමියන් තමයි මේවා කරවන්නේ...!

:       1       1

Semasingha Saturday, 14 September 2024 10:22 AM

මාලිමා බලයට පැමිණියොත් රට ඉවරෙටම ඉවර වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17824 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site