IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුවිය පැන්න හෝටලයේ ප්‍රමිතිය දැන් සොයයි

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ඊට අදාළ නියෝගය නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානීන්ට අද (11) නිකුත් කළේය. ඒ අනුව විමර්ශනයට සම්බන්ධ වාර්තාව හෙට (12) ඇතුළත තමන්ට ලබාදෙන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව ලැබුණු පසුව එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බළාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් ගොඩනැඟිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීය.

 



අදහස් (12)

සිසුවිය පැන්න හෝටලයේ ප්‍රමිතිය දැන් සොයයි

Ruhunu Thursday, 11 May 2023 05:12 PM

තව හොයලා බලන්න ඕක ඇතුලට යන අයගේ ඇඳුම් ගැලවෙනවද කියලා .මේ වගේ කරක්

:       1       1

Lalla Thursday, 11 May 2023 05:19 PM

මොකක් හරි සිදුවීමක් වුනාට පසුව ප්‍රමිතිය හොයන එතෙක් ජරාවට හෝ නිදාගෙන වගකීම පැහැරහැර සිටි අදාල ආයතන ප්‍රධානීන් සේවයෙන් පහකර දැමිය යුතු නොවේද?

:       0       4

Bamunuarachchi Thursday, 11 May 2023 05:22 PM

පාසල් සිසුවියක් කියමින් පට්ට ගහන්න එපා. හරිහමන් පාසල් සිසුවියක් නම් දන්සල් කන්න යනවා කියා හෝටල්වල ගිහිල්ලා මත්පැන් පානය කරන්නේ නැහැ. ඇඟේ දත් පාරවල් තිබෙනවානම් ඉතිරිහරිය අපිට හිතා ගන්න පුළුවන්.

:       1       2

Bamunuarachchi Thursday, 11 May 2023 05:25 PM

දැනුයි ප්‍රමිතිය හොයන්නේ. ඒ තරුණිය බිමට පැන්නේ නැතිනම් ප්‍රමිතිය හොයන්නේ නැහැ. ඔය හෝටලේට දෙස්පාලුවෙකුගේ සම්බන්දයක් තිබුනොත් නිකම්ම ප්‍රමිතිය හොඳවෙයි. අපි නොදන්නා සිරි ලංකාව.

:       0       7

rosa Thursday, 11 May 2023 06:05 PM

අස්සයා පැනලා ගියාට පස්සෙ , ඉස්තාලේ වහන්න හදනවා... මුන්ට පිස්සු....

:       0       5

Chandana Thursday, 11 May 2023 06:37 PM

මරු මිනිහට වාර්තාව භාර දෙන්නේ .ගිය මාසෙත් මම දන්න කෙනෙකුගෙන් අරගෙන ආවා

:       0       4

lankaputha Thursday, 11 May 2023 07:50 PM

දූෂිත ඇමතිවරයෙකුට කළ යුතු දේ... ඔහු දූෂිත නොවූවත්... ඔහුගේ කාර්යභාරය කුමක්ද?

:       0       4

සඳුන් Thursday, 11 May 2023 10:43 PM

අන්තිමේදී බදාම අනපු බාස් හිරේ යන පාටක් පේන්නෙ .....

:       0       5

අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:10 AM

හෝටල් හිමිකරුවාගෙන් කප්පමක් අරගෙන වැඩේ යට ගහයි.

:       0       4

විසිල් Friday, 12 May 2023 07:26 AM

UDA නේද ? ටී. ඕ ලා ඉන්නේ මේකේ නේද ? හ හා. හ හා.

:       0       5

Bunny Preena Friday, 12 May 2023 12:16 PM

ලොකු නින්දකට පස්සේ ඇහැරිලා වගෙයි

:       0       2

Vira Friday, 12 May 2023 12:29 PM

ප්‍රමිතියට හැදුවා නම් කෙල්ල මැරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site