IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


සිසුවියන් 8 කට අතවර කළ ගණිත ගුරා රිමාන්ඩ්

(නිමල් ජයරත්න)

දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවරයා 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය ඔහු මේ මස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

අධිකරණයට ඉදිරිපත් කළ ගණිත ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙසට පොලිසියෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන් හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අරලගංවිල පොලිසියේ පොලිස් සැරයන් 66073 ඩබ්ලිව්.පී.එස්.වීරක්කොඩි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු, දහය වසරේ ඉගෙනුම  ලබන සිසුවියන් 8 දෙනෙකුට වරින්වර ලිංගික අතවර කර ඇතැයි ඔවුන්ගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව  අදාළ ගණිත ගුරුවරයා ඉකුත් 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
     
ලිංගික අතවරයට පත්ව ඇතැයි කියන සිසුවියන්ගේ මවුපියන්ට අධිකරණ පෝරම ලබාදීමෙන් පසු සිසුවියන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඉදිරිපත් කර ඇති බව අරලගංවිල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (0)

සිසුවියන් 8 කට අතවර කළ ගණිත ගුරා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2028 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site