IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිසුවාගේ සපත්තුවෙන් නයි පැටවෙක් එළියට

( සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

කොළඹ ආනන්ද විද්‍යාලයේ දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැළඳ සිටි සපත්තුවක්  ඇතුළත කුඩා නයි පැටවකු සිට හමුවීමේ සිද්ධියක්  වාර්තා වෙයි.

සපත්තුව  ඇතුළත සිට මෙම  කුඩා නයි පැටියා හමුවී ඇත්තේ  අද (23) උදෑසනය.

සිසුවා පාසලට බස් රථයකින්  පැමිණෙමින් සිටියදී ඔහුගේ එක් සපත්තුවක ඇතුළතින් යමක් දඟලන බව දැනී පාසලට පැමිණ සපත්තුව ගැලවූ අවස්ථාවේදී  මෙම කුඩා නයි පැටියා හමුවී ඇත.

නයි පැටියා හමුවීමෙන් පසු එම ශිෂ්‍යයා විද්‍යාලීය ගුරුවර ගුරුවරියන් විසින්  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට  පියවර ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ළමයාට නයි පැටියාගෙන් විස ශරීර ගතවී නැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවී ඇති බවයි.

ළමයා රෝහලේ  8 වෙනි වාට්ටුවේ හොඳ ශරීර සෞඛ්‍යය තත්වයෙන් පසුවන බවද  ඔහු සඳහන් කළේය.

නයි පැටියකු රිංගා සිටි සපත්තුව පැළඳ සිටි ශිෂ්‍යයා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ළමයාගේ සපත්තුවට නිවෙසේදී මෙම නයි පැටවා  රිංගා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවත්  නයි පැටියා රිංගා සිටි සපත්තුව ළමයා  කිසිදු සෝදිසියකින් තොරව පැලැඳ පාසලට පැමිණෙන්නට ඇතැයි  පෙනී යන බවත්  රෝහලේ වෛද්‍යවරු පවසති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ දරුවන් සපත්තු දැමීමට පෙර ඒවා ඇතුළත මනාව පරික්ෂා කර බැලීම සඳහා  දරුවන් හුරු කරවීමට  මවුපියන් වගබලා ගත යුතු බවය.



අදහස් (18)

සිසුවාගේ සපත්තුවෙන් නයි පැටවෙක් එළියට

මංජුල Tuesday, 23 August 2022 08:04 PM

මම නම් පොඩි කාලේ සපත්තුව ගසල අතත් දාල බලනව බයට පත්තැයෝ ඉදිද කියලා

:       6       47

පුරවැසියා..... Tuesday, 23 August 2022 08:09 PM

දරුවා වගේම මව් පියන් සැලකිලිමත් විය යුතු නොවේද ?

:       5       47

Perera Wednesday, 24 August 2022 12:48 AM

දේශපාලුවන් ගැන වගේ වගක් බලන්නේ නැතිව ඡන්දෙ දෙන මිනිස්සු සපත්තු අස්සේ ඉන්නේ මොක්කුන්ද කියලා බලාවිද?

:       0       0

Siri Wednesday, 24 August 2022 01:41 AM

මේ අර කැළණි ගඟ දෙබැකරගෙන මහා සද්දයක් දාගෙන මතුඋන නයි පැටියා වෙන්ට බැරිද?

:       4       17

බද්රානි Wednesday, 24 August 2022 02:17 AM

නයින්ටත් වන්දනාමාන කරන උඹලව නයි, පොළොංගු, ඇතුළු තිරිසන් සත්තු විනාශ කරන දවස වැඩි ඈතක නැහැ. මොනා උනත්, ඒ සර්පයින්ට වඩා උඹලාගේ ගතිගුණ විෂඝෝරයි. ඇයි උඹලා තිරිසනුන්ටත් වඩා අන්ත උනේ? ලෝකයේ වෙසෙන නින්දිතම ජාතිය මෙවුන් බව මම නොබියව කියනවා.. වරද කොතනද???

:       18       9

ShanikaWednesday, 24 August 2022 01:11 PM

බොරු නමක් දාගෙන හැමඑකටම ජාතියට බණින අය මේ ජාතියට අයත් වෙන්නේ නැද්ද?

:       7       12

බද්රානිWednesday, 24 August 2022 02:28 PM

ඇත්ත ඇහෙද්දී, භූමිතෙල් ගෑවුණු ගැරඬි අයත් වෙන්නෙත් මම අර කියපු "සර්ප" කුලයට බව නම් පැහැදිලියි. මට හිතෙන්නේ, "ශානික" කියල අලුත් නමක් දාගෙන මෙතන වැලපෙන්නේ, අර කැලණිය පැත්තේ නයි නටවපු පරම්පරාවේ කෙනෙක් වගෙයි පේන්නේ. ඔහෙලා, නයි නටවන්න විතරක් නෙමෙයි නයි අරින්නත් හපන්නු බව අපි දැනගෙන ගොඩක් කල්. රටේ විතරක් නෙමේ, ජාතියේ කරුමේත් මේ නයි පනික්කි රැල තමයි. ජානවල අවුල හැර ඉතින් වෙන මොකක්ද?

:       5       7

මුගටිThursday, 25 August 2022 02:00 PM

බද්‍රානි කියන්නේ කව්ද කියලා දන්න අය දන්නවා

:       0       0

DASA P Wednesday, 24 August 2022 02:36 AM

මණිඅක්ඛිත නාගරාජයාගෙ පැටියෙක් වෙන්න බැරිද?

:       0       0

yasantha Wednesday, 24 August 2022 08:30 AM

නාග ලෝකෙන් ආව එකෙක්. ගිහින් වැදපල්ලා.

:       4       10

සමිත අලුත්ගමගේ. Wednesday, 24 August 2022 10:57 AM

කොහොම උනත්,සපත්තු හොඳින් පරීක්ෂා කොට දැමීම වැදගත්.ස්ථිර වශයෙන්ම, නිවස අසල ඉඩමේ හෝ කිට්ටුව හැපින්නක් බිත්තර දමා සිටින්නට ඇති.

:       0       16

agith Wednesday, 24 August 2022 11:02 AM

ආදරෙයි ! පැටව් දෙන්නටම!

:       2       10

mahee Wednesday, 24 August 2022 11:02 AM

දෙයියනේ කියල අනතුරක් නොවීම ලොකු දෙයක්. කඩවත කැළණියට නං ළමයි

:       3       7

ganegoda Wednesday, 24 August 2022 12:06 PM

කවුරුහරි මේ නයිපැටියා සපත්තුවට දැම්මද?

:       3       4

pakeer Wednesday, 24 August 2022 12:45 PM

පොලොන්නරුවේ, අනුරාධපුරයේ කොච්චර නයි ඉන්නවද ඇතුළේ..? මේක ඉතින් කොලඹනේ.. ටිකක් දරුණුයි වැඩේ..

:       3       5

kapila Wednesday, 24 August 2022 04:48 PM

නයි ගහනය පාලනය කිරීමට ඔවුන් වෙසෙන පරිසරවලට මුගටියන් මුදාහළ යුතුයි.

:       0       0

Bunny Preena Thursday, 25 August 2022 09:34 AM

ඇයි මතකද මෙයාට වසර ගණනකට පෙර බදුල්ල නැතිනම් හාලි ඇල පළාතේ කෙනෙක් නයෙක් ඇතුලේ ඉන්දෙද්දී හෙල්මට් එක ඔලුවේ දාගෙන කිලෝමීටර 20ගාණක දුරක් යතුරු පැදියකින් ගිහින් තිබුණේ වැඩට...

:       0       0

latha Thursday, 25 August 2022 12:31 PM

දෂ්ඨ කළේත් නැති නිසා නාග පිල්ලුවක් වෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site