IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිසිල් කොතලාවල අත්අඩංගුවට ගනී

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිල් කොතලාවල කටුනායක දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති.

ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලද්දී ඇය ශ්‍රී ලංකාවෙන් පළා ගිය බව පොලිසිය කියයි.

ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය වරෙන්තු ද නිකුත් කළේය.

2008 දෙසැම්බර මාසයේ  දී පමණ ඇය ශ්‍රී ලංකාවෙන් නික්මව ගිය බවත්, ඇය එංගලන්තයේ සිට ඩුබායි හරහා ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති.



අදහස් (0)

සිසිල් කොතලාවල අත්අඩංගුවට ගනී

පෙරේරා Thursday, 04 February 2016 05:30 PM

දැන් ඉතින් අසනීප නිසා රෝහල්ගත වෙන්න ඕනෑ කියයි (නි)

:       0       0

ජෝර්ජියෝ Thursday, 04 February 2016 06:02 PM

බලමු මෙයා දොඩවන දෙඩවිලි. දෙනවා කියපු සල්ලි අසරණයින්ට කවදද දෙන්නේ? (නි)

:       0       0

සාගරිකා Thursday, 04 February 2016 08:21 PM

මෙයා හොඳ කෙනෙක්. ඉක්මණින් නිදහස් කරන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 February 2016 09:01 PM

අනේ මන්දා! මේ මිනිසුන්ට අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි හැදෙන්නෙම හිරේට වැටෙනකොටනේ. මෙන්න මේ බොරුව නවතන්න නීති ගෙනෙන්න කාලය ඇවිල්ලා. පොඩි එකාට මේ මොකුත් නැහැ. හැබැයි ඉතින් කියන්නේ නම් නීතිය සැමට සමානයි කියලා (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 04 February 2016 09:12 PM

එන්න කලින් අවශ්‍ය කට්ටිය එක්ක කතාබහ කරගන්න ඇති. අද ඇප ලැබේවිද? ඔහොම යමු. බලය ලැබුණහම හැම දේශපාලකයාම හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියලා (නි)

:       0       0

කුසුම් දල්පදාදු Thursday, 04 February 2016 10:31 PM

අත්අඩංගුවට ගෙන උසාවි ගේනකොට "මේකප්" එක කරගෙන එන්න අමතක කරන්න එපා (නි)

:       0       0

පියල් Thursday, 04 February 2016 10:25 PM

බොහොම හොඳයි (නි)

:       0       0

නිරාන් Thursday, 04 February 2016 11:47 PM

ලංකාවෙන් පිටත් ශාඛා ව්‍යාප්ත කරමින් අපේ රටෙන් පිටත් අභිමානයක් ඇතිකළ සෙලින්කෝ එකේ අනෙක් කට්ටිය කෝ? (නි)

:       0       0

සත්‍යපාල Friday, 05 February 2016 01:58 AM

අත්අඩංගුවට අරගෙන රෝහලේ ඉඳලා ටික දවසකින් නිදහස් වෙයි.හංගපු අහිංසක මිනිසුන්ගේ සල්ලි නැවත එළියට අරගෙන නැවත දේශමාන්‍යලා කෝටිපතියෝ වෙයි. මේවායෙන් කාගේ කාගේත් සාක්කු පිරෙනවා. මේ වංචාවට අහුවු‍ණ කී දෙනෙක් සියදිවි හානි කරගත්තද? වංචනිකයන්ට ශාප වේවා! ලොකු හොරා ගැළවෙන දුප්පතා හිරේ යන රටක් ගැන කියන්නට වචන නැත. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 04 February 2016 12:54 PM

මේක ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් සැනසීමකට ලක්වුණ පුවතක් වෙයි. දැන් ඉතින් නඩු විමසා තැන්පත්කරුවන්ට වන්දි ගෙවා, සමාගමට දඬුවම් දෙනතුරු තමා හැමෝම බලා සිටින්නේ. දැක්කා නේද අපේ අධිකරණයේ ස්වාධීනත්වය? (නි)

:       0       0

ජගත් Thursday, 04 February 2016 01:13 PM

ඔන්න ඕවට තමා යහපාලනය කියන්නේ. නීතිය කාටත් එක සමානයි. (නි)

:       0       0

සිරිමල් Thursday, 04 February 2016 01:16 PM

මේක පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තිබෙනවා. ඕක තේරෙන්න ටිකක් කල් යයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 04 February 2016 01:19 PM

හිටපු තැන ඉන්නේ නැතුව ආවේ ඇයි? (නි)

:       0       0

සෑම් Thursday, 04 February 2016 01:27 PM

මීටවඩා අත්අඩංගුවට ගන්න ඕනෑ අය කොච්චර ඉන්නවද? (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 04 February 2016 01:38 PM

අපෙන් හොරාගෙන ගිය සල්ලි ඉවර ඇති. නැත්නම් කවදාවත් එයා ලංකාවට එන්නේ නැහැ. ඔය අත්අඩංගුවට ගත්තා කියල වෙන දෙයක් නැහැ. ඇප දෙයි. ගෙදර යයි. අපිට ඉතින් සුහද කොකා තමයි. (නි)

:       0       0

සුමාල් පෙරේරා Thursday, 04 February 2016 02:16 PM

නියමයි. මෙයා හොරකම් කරපු සල්ලි ආපහු ලංකාවට ගෙනත් ගෝල්ඩන් කී නිසා අසරණ වුනු අයට බෙදලා දෙන්න.(හේ)

:       0       0

ජනහිත Friday, 05 February 2016 04:16 AM

තණ්හාව තිබුණටත් , සල්ලි තිබුණටත් ආයෝජනයක් කරනකොට හුගක් හිතල බැලුවනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ.දැන් අයි පසුතැවෙන්නේ.(ම)

:       0       0

සුගත් Friday, 05 February 2016 04:24 AM

මේ හැම ප්‍රසිද්ධ අයට රිමාන්ඩ් කළාම ලෙඩ හැදනවා කලින් නම් හොදට ඉන්නවා (ම)

:       0       0

තේජක Friday, 05 February 2016 04:40 AM

මිනිස්සුට දරාගන්න බැරි බඩු මිල හින්ද මිනිස්සු කෙටි මාර්ගවලින් මුදල් හොයන්න යනවා. ගෝල්ඩන් කි එකෙත් තැන්පත්රුවන්ට උනේ ඒ දේ. රට තුල ශිෂ්ටත්වය ඇති කරන්න නම් බඩු මිල පහත හෙළිය යුතුයි (කෞ).

:       0       0

සමන් Thursday, 04 February 2016 03:31 PM

හෙට එළියට එයි.(හේ)

:       0       0

බන්දුල Thursday, 04 February 2016 04:05 PM

එහෙනම් හෙටම රිමාන්ඩ් කරලා නිදහස් කරයි.(හේ)

:       0       0

සෑම් Friday, 05 February 2016 05:55 AM

කොතලාවල පවුලේ සහ සමාගම් වල වත්කම් විකුණලා තැන්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවන්න ක්‍රමවේදයක් හදනවා වෙනුවට පසුගිය රජය කාලයේ එම වත්කම් බලවත් පුද්ගලයින් මංකොල්ල කන්න උත්සාහ කළා . ඒ හේතුව නිසා තමයි තවමත් තැන්පත්කරුවන්ට මුදල් නොලැබුණේ . (කෞ)

:       0       0

කුමාර Thursday, 04 February 2016 04:29 PM

මම හිතුවේ මේක යහපාලනේ ආ ගමන් කරයි කියලා (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 04 February 2016 04:43 PM

මෙයාට මොකුත් වෙන්නේ ‍නැහැ. ප්‍රශ්න කිරීම් කරලා එළියට එවයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 04 February 2016 04:41 PM

හෙට එළිවෙන්නත් කලින් මෙයා ගෙදර යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රොෂාන් Friday, 05 February 2016 06:30 AM

අන්න දැක්කද ඔක්කොම හොර වැඩ කරලා කනෙන් රිංගන හැටි (කෞ)

:       0       0

දේශ් Friday, 05 February 2016 07:10 AM

ප්‍රශ්නය ඉක්මනින් විසදයි නේද_? (ම)

:       0       0

සිරි Thursday, 04 February 2016 05:32 PM

ගැහැණු කෙනෙක්නෙ. පවු කියලා මෙයාවත් අල්ලන්නෙ නැතුව ඉන්නයි තිබුනෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site