තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභා මන්ත‍්‍රී එච්.ඒ පියසේන මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කැරුණු රිට් පෙත්සම විජිත් මලල්ගොඩ (සභාපති) , එච්.සී.ජේ මඩවල සහ ඒ.එච්.එම්.ඒ.නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන 21 වැනි දා සළකා බැලීමට නියමිතය.
සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයාරත්න, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහත්වරු වගඋත්තරකරුවෝය.
ඉකුත්දා පැවති මහමැතිවරණයට මාතර දිස්ත‍්‍රික් ස්වාධීන අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ඉදිරිපත් කළ තමා පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇති බැවින් නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව දන්වමින් වගඋත්තරකාර සන්ධාන හිටපු මහලේකම්වරයා ලිපියක් මඟින් දැන්වූ බවත් පෙත්සම්කරු කියා සිටි. චෝදනා පත‍්‍රයක් හෝ විනය පරීක්ෂණයක් නොකැඳවා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුසිල්ට එරෙහි පෙත්සම විභාගයට
පද්මිණි Thursday, 10 September 2015 05:50 AM
දැන් ඉතින් අධිකරණයට තියෙන්නේ මේ කිසිම පදනමක් නැති දේවලට කාලය වැය කරන්න. ජනතාව හැමදාමත් පරණ තැන. (ම)