(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම සංචාරක නිකේතනයක දී අවස්ථා ගණනාවක මත්වතුර පානයට දී පාසල් සිසුන් 4 දෙනෙකු අපයෝජනය කළ සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු (7) දින අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.
වයස අවුරුදු14,15, 16 වයස් වල පසුවන සිසුන් හතර දෙනා අධ්‍යාපනය ලබන පාසලේ පන්තිභාර ගුරුවරුන් සහ විදුහල්පතිවරයා විසින් අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්තඩංගුවට ගෙන තිබේ.
පාසල් සිසුන් හතර දෙනා සහ සැකකරුවන් දෙදෙනා කලක පටන්,, මුහුණු පොත හරහා ටික්ටොක්,ඇසුරක් මගින් හඳුනාගෙන විටින් විට අවස්ථා ගණනාවක අලුත්ගම ගඟබඩ පාරේ සංචාරක නිකේතනයක් තුළට ගෙන්වා සැර මත් වතුර බොන්නට දී මත් වූ පසු සිසුන්ට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බව වින්දිත සිසුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.
පාසලේ විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට මෙම සිසුන් පිළිබඳ දැනුනු වෙනස්කම පිළිබඳ අවධානය යොමුකර සිසුන්ගෙන් කරුණු විමසීමේදී මේ බව සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ .
ඒ අනුව පොලිසිය ඊට සම්බන්ධ45,හා 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අලුත්ගමදී අත්අඩංගුවට ගෙන ඔවුන් සතු ස්මාට් ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී එහි තිබූ වීඩියෝ දර්ශන වල මෙම සිසුන් ද සිටින බව පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිව තිබේ.
සිසුන් හතර දෙනා දෙමව්පියන් මගින් පොලිසියට කැඳවා තිබෙන අතර පසුව ඔවුන් සියලු දේ පොලිසියට පවසා තිබේ.
ඇතැම් දිනවල මෙම සිසුන් පාසලේ පන්ති කට් කර සැකකරුවන් සමග ඇසුරට ගොස් තිබෙන බවත් අනාවරණය කරගෙන තිබේ. මින් සිසුන් තිදෙනෙකු අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනිත් සිසුවා බෙන්තොට පොලිස් වසමේ පදිංචිකරුවෙකු ද වෙයි.
පොලිස් භාරයේ පසුවන සිසුන් හතර දෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂාවකටයොමු කිරීමට කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිසුන් හතරක් මත් කර අපයෝජනය කරලා
වටලප්පං Friday, 07 July 2023 08:17 PM
විවාදයක් නැහැ... කථාව ඇත්ත නම් ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමිය යුතුයි.