IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සුසන්ත බොතේජු 15 වැනි වරටත් ස්නූකර් ජාතික ශූරතාව දිනයි

ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 59 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. අවසන් මහ තරගයේදී මොහොමඞ් මුසී පරදවා සුසන්ත රාමු 7/3 ක ජයක් ලැබීය. හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු මෙවර දිනා ගත්තේ සිය 15 වැනි ජාතික ශුරතාවයි. ඒ අනුව 16 වරක් ශූරතාව දිනා සිටින ලාෆීර්ගේ වාර්තාව බිද දැමීමට සුසන්තට තවත් ලබාගත යුත්තේ ශූරතා දෙකක් පමණි. බොතේජු මෙවර ශූරතාව දිනා ගත්තේ පිට පිට සිවුවැනි වරට වීම ද විශේෂත්වයකි. අවසන් වරට 2010 වසරේදී අනුශූරතාව දිනාගත් රයන් සෝමරත්න රාමු 5/4 කින් පරදවා සුසන්ත අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. කොළඹ සුගතදාස ක‍්‍රීඩා හෝටලයේදී නිමාවු (28 දා) මෙම තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට තිබු තරගාවලිය වේ.



අදහස් (0)

සුසන්ත බොතේජු 15 වැනි වරටත් ස්නූකර් ජාතික ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site