IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංස්ථා - මණ්ඩලවලට අලුත් මුහුණු

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ සංස්ථා -මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තනතුරුවලට ඉදිරියේ දී අලුතින් පිරිසක් පත් කිරීම සඳහා ඔවුන්ට මෙලෙස ඉවත්න ලෙස දැනුම් දී බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

රජයේ ආයතන ගණනාවක මුල් පුටු දැනටමත් වෙනස් කර ඇති අතර ,ලබන සතියේ ද තවත් වෙනස් වීම් රැසක් සිදු වීමට නියමිත ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ,එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නාලක කලුවැව මහතා නැවත පත් කිරීමට නියමිතය .

එම ධුරයේ දැනට කටයුතු කරන ,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදේශකවරයකු වශයෙන් පත් කෙරෙනු ඇති බවද දැනගන්නට ඇත .

රජයේ රූපවාහිනී ආයතන දෙක සඳහා ද අලුතින් සභාපතිවරුන් පත් කර ඇති අතර ,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන ,ඩබ්ලිව් .බී. ගනේගල මහතා ද, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද පත් කරනු ලැබ ඇත.

මේ අතර,දුම්රිය දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංගම ඇතුළු ආයතන කිහිපයක ද ඉහල පුටු රැසක වෙනස්වීම් සිදු වීමට නියමිතව ඇතැයි වාර්තා වේ

මේ ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතන වලට ද ප්‍රධානීන් ඉදිරි කාලයේදී අලුතින් පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

 



අදහස් (3)

සංස්ථා - මණ්ඩලවලට අලුත් මුහුණු

ravin Sunday, 31 July 2022 02:53 PM

සියලු තනතුරු සඳහා පත්කරන අයගේ අධ්‍යාපන සුදුසුකම්, පරිපාලන සුදුසුකම්, පලපුරුද්ද මහජන දැනගැනීම සඳහා පත්කිරීමට පෙරාතුවම දැනගත යුතුය. මොවුන්ට සියලු ගෙවීම් කරනුයේ මහජන මුදලින් නොවේද?

:       0       0

විපරමා Sunday, 31 July 2022 05:20 PM

කිසිම වැඩකට නැති ආයතනත් ඔය අතර තියෙනවා. ලොක්කෝ පුටු රත්කර කර, ලොකු වැටුප් ලබනවා. දේශපාලුවන්ගේ හෙන්චයියලා තමයි වැඩි හරියක් ඉන්නේ...? රටට යහපතක් වෙයිද?

:       1       16

ගාමිණී Sunday, 31 July 2022 07:59 PM

කිසිම වැඩකට නැති ආයතනත් ඔය අතර තියෙනවා. තොරතුරු සංනිවේදන ආයතනය වගේ කෝටිගානක් මාසෙක වියදම පුටු රත්කර කරකර ආතල් හා සොමිය දාගෙන ලක්ෂ ගණන් පඩි අරගෙන ටෙක් ටෙක් ප්‍රොජෙක්ට්ස් කිය කියා වැටුප් ලබනවා. රටට යහපතක් වෙයිද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site