IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරූ 15 හැවිරිදි වීරයා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදි ගෙවත්තේ තිබූ ළිඳට වැටුණු අවුරුදු හතරක්  වයසැති පුතෙකුගෙ දිවි බේරීමට සිය දිවි ද නොතකා කටයුතු කළ 15 හැවිරිදි පුතෙකු පිලිබදව පුත්තලම මහකුඹුක්කඩවල කිවුල ගම්මානයෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.

මෙම වීර ක්‍රියාව සිදු කර ඇත්තේ කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සසිදු නිම්සර නැමති 15 හැවිරි දරුවෙකි.

මෙම අවාසනාන්ත ඉරණමට මුහුණ දුන් සිව් හැවිරිදි   ආකාශ් නෙතුමිණි පුංචි පුතු ඔහුගේ  නිවස ඉදිරිපිට ඇති සසිදුගේ නිවසට නිතර පැමිණිමට පුරුද්දක් ව පැවති බව කියයි.

සිද්ධිය වූ දින ඔහු එම නිවසට ගොස් යළි සිය නිවසට එමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ. අඩි 36 කට වඩා වැඩි ගැඹුරකින් යුතු එම ලිදේ තිබු ආරක්ෂිත පැති බැම්ම පසුගිය කාලයෙ පැවති මහ වැසි සමග ලිදට කඩා වැටි ඇති බව කියයි.

“ චුටි මල්ලිට මම බත් කවමින් හිටියේ ඒයා බත් කාලා ඉන් පස්සේ වතුර බීලා ගෙදර යන බව කිව්වා.මම කුස්සියට ගිහින් පිගාන සෝදලා එළියට එද්දි  “සසිදු අයියේ ,, කියලා  මල්ලී කෑගැසුවා මට සැක සිතුනා මම ඉක්මනට පිගාන තියලා එළියට දුව ගෙන ආවා සද්දයක් නැති නිසා මම ළිද ළඟට දිව්වා .

ලිදේ වතුර කැලැත්නෙනවා දැක්කා.ඒ එක්කම මල්ලී ලිද ඇතුලෙන් උඩ මතුවුණා මම එකපාරම ලිදට පැන්නා. පැනපු ගමන් උඩ ආපු මල්ලීව අල්ලා ගත්තා ඒ එක්කම මෝටරයට දාලා තිබුන බට වල එල්ලුනා ‘ යැයි සිව් හැවිරිදි දරුවා බේරාගත් සසිදු පැවසුවාය.‘

 

දරුවා බේරාගත් සසිදු නිම්සර 

ළිඳට වැටුණු සිව් හැවිරිදි ආකාෂ් නෙතුමිණ

 



අදහස් (7)

සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරූ 15 හැවිරිදි වීරයා

රංබොඩ Monday, 08 July 2024 01:08 PM

මෙවැනි දරුවන් අගය කළ යුතුයි.

:       0       100

Muthu Monday, 08 July 2024 01:28 PM

කඳුළු එන්නේ නැතුව, මේ කතාව අහන්න බෑ.......

:       0       38

sam Monday, 08 July 2024 01:50 PM

අවාසනාවන්ත ඉරණම මොකක්ද කියලයි මම මේ කල්පනා කරන්නේ?

:       4       17

Senarath Monday, 08 July 2024 03:46 PM

වීර දරුවෙක්... මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා.

:       0       33

Bunny Preena Monday, 08 July 2024 04:46 PM

ළිද වටේ හොද හයියට ලි කනු ටිකක් තාවකාලිකව හරි හිටෙව්වොත් හොදයි

:       0       25

SUNIL MILANO Monday, 08 July 2024 07:46 PM

තම පරාජය දෙවෙනි කොට සලකන ලමයින් හරිම විරලයි. එනිසාම මේ පුතාව ගෞරවයට පත් කල යුතුය. බුදුසරණයි පුතේ

:       0       0

නිමන්ත Monday, 08 July 2024 11:50 PM

සැබෑ වීරයෙක් . සම්මාන දෙන්න ඕන. ඔබට ජය .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site