IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සිව් හැවිරිදි දියණිය නිදි ඇඳේම මිය ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් අද දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වන පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියකි.

දැරිය සුපුරුදු පරිදි මව සමග  කාමරේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේදී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය කියයි.

මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීම සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති අයුරු දැනි කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බවට දැනුම් දී ඇත .

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද 12 හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුසුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සිදු ඉදිරියේ සිදුකිරීමට නියමිතය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්තුරුන් ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසිය වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතා ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (6)

සිව් හැවිරිදි දියණිය නිදි ඇඳේම මිය ගිහින්

මැක්ස් මාමා Monday, 11 September 2023 10:38 PM

සසර වසන තුරු මෙවන් අකාල මරණයක් නුඹට අත් නොවේවා සිඟිති දියණියේ..!

:       1       10

ජගත් ලියනගේ Monday, 11 September 2023 11:31 PM

සැක සහිත මරණයක් වගේ.

:       17       9

Karl Monday, 11 September 2023 11:40 PM

බොහොම දුකයි.... මෙවන් අකල් මරණ අසන්නට නොලැබේවා.... නිවන් සුව ලැබේවා....

:       4       28

Sumith Tuesday, 12 September 2023 08:17 PM

නිවන් සුව ලැබේවා... මෙවන් අකල් මරණ සිදු නොවේවා..!

:       1       8

Susantha rathnayake Wednesday, 13 September 2023 05:13 AM

නිවන් සුව ලැබෙනවා

:       2       7

sadun Tuesday, 26 September 2023 05:08 PM

සසර වසන තුරු මෙවන් අකාල මරණයක් නුඹට අත් නොවේවා සිඟිති දියණියේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 809 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site