IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ

(රංජන් කස්තුරි)

විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධව සියලුම සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම  විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

සමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ



අදහස් (3)

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ

sam Tuesday, 18 April 2023 01:29 PM

රජයේ සේවකයන් සියල්ලන්ම අත්‍යාවශ්‍ය සේවකයන් ලෙස නම් කලානම් ඉවරයි. රජයෙන් වැටුපක් ගෙවන්නේ සේවයක් ලබා ගන්න මිසක් වර්ජනය කරලා මහජනතාව අපහසුතාවයට පත් කරනවාට නොවෙයි. නැතිනම් වර්ජන කරන වාරයක් වාරයක් පාසා, වරින් වර මේ ගැසට්ටුවට අළුතින් ආයතන හෝ සේවාවන් එකතු කරන්න වේවි.

:       2       6

Jayasekara Tuesday, 18 April 2023 02:26 PM

අර ස්ටාලින්ගේ දෙපාර්තමේන්තුවේත් ඔහොම කරා නම් නියමයි

:       2       3

පුරවැසියෙක්..... Tuesday, 18 April 2023 04:14 PM

ලංකාවට මෙවන් දැඩි තීරණ අවශ්‍ය කාලය එළැඹ ඇත. වත්මන් නායකවරයාගේ සෘජු තීරණය අගය කළ යුතුය. උදේට ගනු ලබන තීන්දු තීරණ සවසට වෙනස් නායකයින් මේ රටට හරියන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site