IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සුව ඇමති දකුණේ පුංචි ප්‍රතිකාර ඒකක බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

රජයේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තිබෙන ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල්, දිසා රෝහල්  ප්‍රතිසංස්කරණය කර ඒවායේ රෝග පරීක්ෂණ,රසායානාගාර සහ රෝගී සත්කාරක පහසුකම් වැඩිදියුණු කෙරෙන අතර,  තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් අදාල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කරගනු ලබන ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත ගබඩා කිරීම, ඒවා නිරතුරුව යාවත්කාලීන කිරීම,විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාලගත වීම සදහා දත්ත හුවමාරුව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු ආදිය සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය, මත්තල මධ්‍යම බෙහෙත් ශාලාව, කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු මධ්‍යස්ථාන කිහිපයක් මෙහි දී  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර  ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී එම මධ්‍යස්ථාන සවිබලගැන්වීම පිළිබඳව මූලික අවධානය යොමු කරන බව අමාත්‍යවරයා කීය.



අදහස් (0)

සුව ඇමති දකුණේ පුංචි ප්‍රතිකාර ඒකක බලන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site