IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ස්විස් බැංකු ගිණුම්වල රුපියල් කෝටි 489 ක්

( තිළිණි ද සිල්වා )

ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත  සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම්වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කරන තැන්පතුකරුවන්ගේ ලැයිස්තුවට අනුව ශ්‍රී ලාංකියන් මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ 151 වන ස්ථානය හිමිව ඇති බව එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලොව පුරා තැන්පතුකරුවන් විසින් ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.42ක් තැන්පත් කර ඇති අතර ස්විස් බැංකු ගිණුම් වල වැඩියෙන්ම මුදල් තැන්පත් කර ඇති රටවල් දහය අතර පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ එක්සත් රාජධානියයි.

ඊට අමතරව පිලිවෙළින් ඇමෙරිකා එක්සත් ජනපදය , බටහිර ඉන්දීය කොදෙව්,ප්‍රංශය, බහමාස් දූපත්, ජර්මනිය, ඉංග්‍රීසි ඕඩය ආසන්නයේ ඇති ගර්න්සේ දූපත්, ජර්සි, හොංකොං, සහ ලක්සම්බර්ගය යන රටවල් පිළිවෙලින් පසුවෙති.



අදහස් (14)

ස්විස් බැංකු ගිණුම්වල රුපියල් කෝටි 489 ක්

Upali Wednesday, 05 July 2017 05:54 AM

අනිවාර්යයෙන්ම මෙයින් වැඩි කොටසක් තැන්පත් කරල ඇත්තෙ මේ රටේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සට්ටැඹි නිලධාරීන් විසින් කොමිස් ගහපු හොරකම් කරපු සල්ලි

:       1       190

victor Wednesday, 05 July 2017 06:31 AM

මේ අයගේ නම් ටික හොයා ගත්තොත් දේසප්රෙමින් ටික හඳුනාගන්න පුළුවන් .එත් රාජපක්සල බුද්දිමත්.ඒ අය සල්ලි දැම්මේ වෙනත් බැංකුවල .

:       1054       1115

ramaniWednesday, 05 July 2017 07:55 AM

කොහොමද දන්නේ රාජපක්ෂලා වෙන බැංකුවල සල්ලි දාපු බව?

:       243       117

පෙරේරාWednesday, 05 July 2017 08:29 AM

ඇත්ත... වෙන රටවල පුරවැසියන් ලෙස පෙනී හිටිමින් මේවා කරනවා වෙන්න පුළුවන්..

:       1       7

kumar (galf)Wednesday, 05 July 2017 09:31 AM

එක්සත් අරාබියේ තරුපහේ හෝටල් වලින් ගත්තුවා. සී ෂෙල්ස් දූපත්වල තැන්පත් කරපු රත්තරන් කවදාවත් හොයන්න බෑ.

:       432       596

sachith Wednesday, 05 July 2017 06:51 AM

ස්විස් බැංකු වල තැන්පත් කරන එක පරණ පුරුද්දක්, දැන් කරන්නේ මොසක් ෆොන්සේකා වගේ සමාගම් හරහා තැන්පත් කරන එක. ඒ නිසා තම බටහිර ඉන්දීය කොදෙව්,ගර්න්සේ මුල් 10ත ඇවිත් තියෙන්නේ.

:       0       15

Sunil Wednesday, 05 July 2017 07:36 AM

අපිට කොච්චර ආඩම්බරයක්ද? අපේ කට්ටියත් බැංකුවේ සල්ලි දාල තිබෙන නිසා! දැන් අපිටත් කියන්න පුළුවනි අපිත් සුවිස් බැංකු කාරයෝ කියලා. අපිටත් මෙහෙම වේවිද කියාලා අපි හීනෙකින්වත් හිතුවාද? මට නම් නිකම් මොකක්ද මොකක්ද වගේ!

:       1       11

පිටිගල මිලානෝ Wednesday, 05 July 2017 11:05 AM

ස්විස් බැංකුවල තැන්පත් කරනවා වගේ නෙවෙයි. හදිසියේවත් අයිතිකාරයා මරණෙන් පසු එම බැංකුවේම ගිණුමක් හිමි අයෙකුට (බිරිඳ, දරුවන් හෝ යම් කෙකෙන්) ස්විස් නීතීඥයන් මාර්ගයෙන් පවරා නැත්නම් මෙම මුදල් බැංකුවට අයිති වෙනවා.

:       6       33

දිමුත් Wednesday, 05 July 2017 11:19 AM

ඔන්න රටට වින කරපු හැටි. පේනවා නේද?

:       1       57

jayampathi Wednesday, 05 July 2017 01:46 PM

අපිට මේක ලොකු මුදලක් වුනාට, රුපියල් කෝටි 489 ක් කියන්නේ දේශපාලකයින්ට ලොකු මුදලක් නොවේ. ඔය දේශපාලනඥයින් දෙතුන් දෙනකුගේ වාහනවල මිල එකතුකරලා බලන්න.

:       0       108

minipe Wednesday, 05 July 2017 03:06 PM

ජයම්පති ඔබ හරියටම හරි. ඔබේ අදහසට මමත් එකඟයි.

:       0       112

tikiri banda-Nugegoda Saturday, 15 July 2017 10:19 PM

රාජපක්ෂකවරු හොඳ වෙලාවට ගියේ.... එහෙම නොවුණා නම් මේ වෙනකොට රටම විකුණලා රටේ 99% කට හිඟා කන්නම සිද්ද වෙලා.

:       0       0

ingiri saman Monday, 17 July 2017 01:19 AM

අපි තවම දියුනු මදි. එක එක පිල් වලට බෙදිලා ඒ ඒ පිල් වලට උදවු කරන්න හදනවා. පිල් දෙකේම ඒ අය හදන්න අපි පුරුදු වෙන්න ඔනේ. අපේ පිලේ වෑරදි වහන්න උත්සහ කරනවානම් කවදාවත් රට හදන්න බෑ..

:       0       0

Appuhamy Monday, 17 July 2017 10:28 AM

මහත්තයෝ ස්විස් ෆ්‍රෑන්ක් 307 කියන්නේ රුපියල් කෝටි 4890 මිස කෝටි 489 නෙවෙයි. එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 159 ක් එක ස්විස් ෆ්‍රෑන්ක් එකක්... හරිද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site