(සුජිත් හේවාජුලිගේ )
දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු එකතු කළ අගය මත බදු( ආදාන බදු) රුපියල් කෝටි විසි හතරකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි විගණන වාර්තාවක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අධිකාරිය දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසන විගණන අංශ එම මුදල අය කර ගැනීමේ හැකියාව සැක සහිත බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල කිසිදු ප්‍රතිපාදනයක් ලබාදී නැතැයි ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ අයහපත් මූල්‍ය තත්වය සැලකිල්ලට නොගෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව 2016 වසරේ සිට 2020 දක්වා හිඟ ප්‍රවාහන දීමනා ලෙස රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.
අධිකාරියේ මෙම අයහපත් මූල්‍ය තත්වය ඇති වී තිබුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් බවද විගණන කාර්යාලය පවසයි.
මෙම තොරතුරු සඳහන් ව ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් ගුවන් සේවා අධිකාරියට කෝටි 24ක බදු පොල්ලක්