IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙවනගල ප්‍රා.ලේ ඇතුළු හත් දෙනා නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ආරම්භ කළ ජල ව්‍යාපෘති නිසි පරිදි ඉටු නොකිරීමෙන් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටි සෙවනගල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හත්දෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි සියලු චෝදනා වලින් විත්තිකරුවන් හත්දෙනාම නිදොස් කොට කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ශ්‍රම සූක්ෂම ජනතා ව්‍යාපෘති අනුව සෙවනගල ප්‍රදේශයේ කළ උස්සාන ජල ව්‍යාපෘතිය මගින් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටි සෙවනගල ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පිටිපන උතුර හෝමාගම පදිංචි කත්‍රිආරච්චිගේ ජයරත්න ප්‍රේමලාල්, එහි සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කිරිඇල්ල එපිටවල පදිංචි කෝන්ගහ විදානලාගේ අතුල, එහි ගණකාධිකාරීවරයා වශයෙන් කටයුතු කළ ගාල්ල කනංකේ පදිංචි කරුම්පුලිගේ මහින්දසිරි, එහි වැඩබලන ගණකාධිකාරී වශයෙන් කටයුතු කළ බණ්ඩාරවෙල ඔබඩඇල්ල පදිංචි ප්‍රියන්ත පද්මසිරි කරුණාආරච්චි, අතිරේක සමෘද්ධි කළමනාකරු වශයෙන් කටයුතු කළ ඇඹිලිපිටියේ පදිංචි රේණුකා මල්කාන්ති සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු වශයෙන් කටයුතු කළ වැලිගම පැලෑන පදිංචි කපිල ජය ශ්‍රී ද සිල්වා යන මහත්ම මහත්මීන්ය.

2004 ජනවාරි මස පළමුවැනිදාත් දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ සෙවනගලදී 2004 ශ්‍රම සූක්ෂම ජනතා ව්‍යාපෘතියට අදාළව කළ හබුරුගල උස්සාන ජල ව්‍යාපෘතිය, පුංචි වැව උස්සාන ජල ව්‍යාපෘතිය, දිවුලාන උස්සාන ජල ව්‍යාපෘතිය සහ මහගම උස්සාන ජල ව්‍යාපෘතිය යන  උස්සාන ජල ව්‍යාපෘති සම්බන්ධයෙන් සමෘද්ධි බලකාය සමඟ ඇතිකරගත් ගිවිසුම් මත ගිවිසුම් මුදලෙන් 20% ක ප්‍රතිශතයක් සමෘද්ධි බලකාය වෙත මුදා නොහැරීමෙන් මුදල් රෙගුලාසි කඩකිරීම, සමෘද්ධි බලකායට පාඩු වන බව දැන දැනම ඒ අනුව කටයුතු කිරීම, භාණ්ඩ මිලදී ගැනීමේ දී රජයට පාඩු වන ආකාරයට කටයුතු කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් සකස් කළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සමෘද්ධි නිලධාරීන්ට නොලැබීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක පාඩුවක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැමිණිල්ලේ සාක්කිකරුවන් ව්‍යාපෘති සඳහා අවශ්‍ය භාණ්ඩ රජයෙන් ලබාදෙන බවත් එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සමෘද්ධි බලකායෙන් ලබාදෙන බවත් පැවසූහ.



අදහස් (1)

සෙවනගල ප්‍රා.ලේ ඇතුළු හත් දෙනා නිදොස් කොට නිදහස්

abaran Wednesday, 26 July 2023 08:30 AM

එතකොට නිරපරාදේ මේ නිලධාරීන් 7 දෙනා සිරගත කල අයට දඬුවම් නැතිද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site