IMG-LOGO

‘සාලාවේ කුඹුරු හමුදාවෙන් හායි‘

කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් යුද හමුදාව ට්‍රැක්ටර 10කින් සී සෑවේය.

මහ කන්නයේ ගොවීන්ගේ කුඹුරු සකස් කරදෙන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව යුද හමුදා බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායමක් මෙම බිම් සකස්කර දීමට හමුදා සෙබළු 50 දෙනෙක් යොදවා ඇත.

1 A_paddy_2 A_paddy_5 A_paddy_8 Army_Helps_Kosgama_Farmers_20160908_02p1 Army_Helps_Kosgama_Farmers_20160908_02p3

(ඡායාරූප - යුද හමුදා මාධ්‍ය අංශය)



අදහස් (0)

‘සාලාවේ කුඹුරු හමුදාවෙන් හායි‘

අනුර Saturday, 10 September 2016 09:52 AM

මුළු රටේම ඇති වගානොකරන කුඹුරු පවරාගෙන හමුදාව යොදවා අස්වැද්දිය යුතුය (නි)

:       0       0

ජයනී Saturday, 10 September 2016 01:34 AM

අපේ අහවල් මහත්තයා දැන් පාර්ලිමේන්තුවෙනෙ. ඔතන හිටියා නම් හමුදාවේ මහත්වරුන්ට කියාවි ඔය පහත් වැඩ නොකර ඉන්න කියලා (නි)

:       0       0

රූපසිංහ Friday, 09 September 2016 09:10 AM

හපෝ එපා, එපා, කීවනේ, මතකද? රණවිරුවනට අපහස කරනවා ඔවුන්ව වගා වැඩට යෙදවුවාම කියලා. ඉතින් දැන් මේ මොකද? (ර)

:       0       0

නාරද නිවහල් Friday, 09 September 2016 09:34 AM

වැඩේ නම් හොඳයි ... බැලුවම නම් ට්‍රැක්ටර් ටික අලුත් ම කිරි කිරි එව්වා වගේ,,,, මෙව්වා වල වියදම් කවර් වෙන්නේ මහජනතාවගේ බදු මුදලින් ම නම් ඉතින් ඒ ටොපියත් අපිට තමයි... මොකෙක් හරි ඔය අලුත් ට්‍රැක්ටර් ගෙනල්ල කොමිස් ගහල ඇති... (බ)

:       0       0

ධම්ම Friday, 09 September 2016 09:59 AM

සාලාවේ හාන්න කුඹුරු ඉතුරුවෙලා තියෙනවා හාන්න හමුදාව ඉන්නවා. මීරියබැද්දේ, අරනායක කුඹුරුත් පොලොව යට, මිනිස්සුත් පොලොව යට, ඉතිරි මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිනවා. (ර)

:       0       0

නිමන්ත පතිරණ Friday, 09 September 2016 10:15 AM

හොද වැඩක් (බ)

:       0       0

දුමින්ද Friday, 09 September 2016 10:20 AM

විපක්ෂ නායක තුමා හමුදාව වගා කටයුතු කරනවට අකමැති නේද ...(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 10 September 2016 04:42 PM

අපේ වීර හමුදාවට සැමදා ආචාරය! (නි)

:       0       0

හිමාල් Friday, 09 September 2016 10:32 AM

මේක හදිසි ආපදා තත්ත්වයක් නිසා කරවන දෙයක්. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා වගේ ට්‍රැක්ටරේ ‍තෝම්බුව මෙතනට වැදගත් නෑ. (බ)

:       0       0

නාලක Saturday, 10 September 2016 03:23 AM

මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 10 September 2016 03:33 AM

හමුදාවෙන් තමයි හැමදාම මිනිසුන්ට උදව් කළේ, මිනිසුන් බේරාගත්තේ ,එහෙම නැතුව පම්පෝරි ගහන දෙපාර්තමේන්තු වලින් නම් නොවෙයි.

:       0       0

ඉසුරන්දි Saturday, 10 September 2016 05:02 AM

ඔය හිරේ විලංගුවල නිකන් කකා බිබී ඉන්න අයව මේ වැඩවලට යෙදෙව්වොත් හොඳ නැද්ද? මේ රටේ සංවර්ධන කටයුතුවලට හමුදාවෙන් ලැබෙන දායකත්වය ශ්‍රී ලාංකික අපි අගය කළයුතුය. (නි)

:       0       0

රාජා Saturday, 10 September 2016 04:55 AM

සාලාව පිපිරීමෙන් පස්සේ තවත් උණ්ඩ මේ වෙල්යායේ තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව හිතලා තමා මේ වැඩේ කරන්නේ. හැමදේම දේශපාලන ඇසින් බලන්න එපා. (නි)

:       0       0

නිර්ෂාඩ් ප්‍රීනා Friday, 09 September 2016 11:17 AM

අපරාදේ කියන්ට බැහැ හදිසි, ආපදා හෝ බැරෑරුම් අවස්ථාවලදී හැම කෙනෙකුගේම පිහිටට එන්නේ හමුදාවම (ත්‍රිවිධ) තමයි. (ර)

:       0       0

සංජීව Saturday, 10 September 2016 05:25 AM

මරබියෙන් බේරාගත් රණවිරුවෝ දැන් අපිට බත සපයන දෙවියන් වෙලා. අපේ රටේ කරන්න බැහැ කියලා වැඩක් නැහැ, හිත ඇත්නම් ඕනෑදෙයක් කළහැකියි. රට දැන් තියන තත්වයට පත්කළේ මේ දේශපාලුවෝ (නි)

:       0       0

ධම්මික Saturday, 10 September 2016 06:36 AM

නිර්ෂාඩ් ප්‍රීනා, හරියටම හරි. කොයි දේ වුණත් බැරෑරුම් අවස්ථාවලදී පිහිටට ඉන්නේ අන්තිමට හමුදාව තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 40 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site