
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇති ලිංගික හිංසන යට ගැසීමට සමහර ප්‍රධානීන් එවැනි දේවල් සිදු නොවූ බවට ඒ කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ලියුම් අත්සන් කරමින් සිටින හෙයින් මේ පරීක්ෂණ සාධාරණ ආකාරයට සිදුවේ දැයි ඔවුනට සැකයක් මතුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පත් කෙරුණු විශේෂ කමිටුව මගින් සාධාරණ පරීක්ෂණයක් පවත්වා එම හිංසන කළ නිලධාරීන්ට දැඩි දඬුවම් දීමට පියවර ගන්නැයි මහලේකම්වරියගෙන් ඉල්ලීමක් කරන බවත් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය.
මේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවටද ලොකු කැළලක් ඇතිවූ බව ඇය සඳහන් කළාය.
විජේරත්න මහත්මිය මෙසේ පැවසූවේ නියෝජ්‍ය කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේද පැවසුවාය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන වෙනවා කියලා පසුගිය දවස්වල පුවත්පත්වල සහ සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති දිගට හරහට පළවුණා. මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න මහ ලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් ඒ පරීක්ෂණ යනවා. මේක මන්ත්‍රීවරුන් සම්බන්ධ සිද්ධියක් නොවෙයි. ඒ සේවිකාවන්ගේ ඉහළින් ඉන්න අයගෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් නිලධාරීන් පිරිසක් හිංසනයට ලක් වූ අයගෙන් එහෙම දේවල් සිද්ධ වුණේ නැහැ කියලා අත්සන් ගනිමින් ඉන්නවා. ඒ නිසා ඒ අයට බයක් තියෙනවා මේ පරීක්ෂණය හරියට සිද්ධ වෙයිද නැද්ද කියලා. මෙතන මහා ලේකම්තුමිය ඉන්නවා. මේ සිද්ධිය ගැන සාධාරණ විදියට පරීක්ෂණයක් තියලා හිංසන කරපු අයට දැඩි දඬුවම් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේ සිද්ධිය පාර්ලිමේන්තුවටත් ලොකු කැලලක්.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා
මේ ගැන දැන් කමිටුවක් පත් කරලා තියනවා. ඒ විමර්ශන කටයුතු සාර්ථකව සිද්ධ වෙනවා.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් මහා ලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා තියනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙක් ඒකේ ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඊට පස්සේ ඒ ගැන කතානායකතුමාට දැනුම් දෙනවා. අවශ්‍ය ක්‍රියාමාර්ග ඊට පස්සේ ගන්නා බව දැනුම්දී තිබෙනවා
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’සල්ලාලයන්’’ ගැන මැතිසබයේ රැව්දෙයි
Bamunuarachchi Tuesday, 08 August 2023 01:54 PM
වින්දිතයින්ට බලහත්කාරකම් කර ශාක්‍ෂි දීම නවත්වයි කියා බමුණුආරච්චි කලින්ම කිව්වා හරිනේද?
Bunny Preena Tuesday, 08 August 2023 02:09 PM
බලලා මල්ලෙන් එලියට පැන්නා වගේ වැඩක්. අත්සන් ගත්තු නිලාදාරින් මෙවැනි දේවලට අනුබල දෙනන අය විය හැකිය. පලමුව ඔවුන්ව ප්‍රශ්න කිරීමවලට ලක් කරන්න. දැනට ඔවුන් දරන නිලතල වලින් පහ කරන්න.
PereraWednesday, 09 August 2023 12:39 AM
මේක ලංකාව .මතක නැද්ද අප්පච්චි කිවුවා එයාලට නඩු ඇතිකරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් කියලා