පොලිස් දෙපාර්තුමේන්තුව පසුගිය රජයේ අයවැය යෝඡනා අනුව පොලිස් කෙෂේත්‍ර නිලධාරින් හට තිරු බදු රහිතව බෙදා දිමට ගෙනා යතුරු පැදි තවමත් මහනුවර පොලිස් ස්ථානයේ සහ ගම්පොළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නොබෙදා ගාල් කර ඇති බව මහනුවර පළාතේ පොලිස් නිලධරයෝ කියති. ඒවායින් කොටසක් බෙදා ඇත.
මේ සඳහා පොලිස් කතක රුපියල් 45000ක් ද, කොස්තාපල්වරයකු රුපියල් 50,000ක් ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත ගෙවා ඇතැයිද ඹවුහු පවසති.
මෙම යතුරු පැදි මැතිවරණයට කලින් බෙදා දිමට ගෙනාවත් මැතිවණය සමයේදි බෙදා දිම නවතා දැමූ බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලිත් නෑ : යතුරු පැදිත් නෑ
ගුණේරත්න Monday, 23 February 2015 04:12 AM
මහනුවර විතරක් නෙමෙයි මාතලේත් ඔය ටිකමයි. අහිංසක පොලිස් පොඩ්ඩො සමහර අය ගෙදර තිබුන රත්තරන් බඩු බැංකුවේ තියලා සල්ලි අරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් ඒ සම්බන්ධව කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ ගැන කිසිම ඇමතිවරයෙක් කතා කරන්නෙත් නැහැ. (නි)
සුනිල් Monday, 23 February 2015 04:31 AM
ඡන්දය දුන්නා නේද? දැන් සද්ද නැතුව හිටියා නම් නේද හොඳ? (නි)
නිලාන් Sunday, 22 February 2015 10:40 AM
අපරාදේ රුපියල් 50000. .විමර්ශනයක් කළොත් හොදයි නේද ?(දිල්)
බණ්ඩාර Sunday, 22 February 2015 10:42 AM
ජනාධිපතිවරණයට කලින් මේ බයික් නිකන් දෙනවා කිව්වා නේද ඒවා දැන් අමතකද (දිල්)
දුමින්ද Sunday, 22 February 2015 01:03 PM
පොඩ්ඩක් ඉවසන්න දින 100 පුරාවිද්‍යාවේ වැඩ තාම ඉවර නැහැ.(හේ)
විපුල Monday, 23 February 2015 06:51 AM
සල්ලි ගෙවූ සියලුම දෙනාට යතුරු පැදි ලබා දිය යුතුයි.(හේ)
අබේ-ටෝකියෝ Sunday, 22 February 2015 05:20 PM
බය වෙන්න එපා. යතුරු පැදි සහ ඒසදහා ඔබලා ගෙවන ලද 50000.00 දින 100 තුල ලබාදෙන බවට පොරොන්දු උනානේ. (නදී)
අබේ-ටෝකියෝ Sunday, 22 February 2015 05:20 PM
බයවෙන්න එපා. යතුරුපැදි සහ ඒ සඳහා ඔබ ගෙවන ලද 50000.00 දින 100 තුළ ලබාදෙන බවට පොරොන්දු වුණානේ (නි)
නඩරාජා Sunday, 22 February 2015 07:21 PM
ගණන්ගන්න එපා. පොලිසියේ අයට තවම ලයිසන් නැතුව ඇති වාහන පදවන්න (නි)
රණසිංහ Sunday, 22 February 2015 08:46 PM
යතුරුපැදි ලබාදීමට මුදල් ගැනීම පොලිස් නිළධාරින්ට පමණක් නොව නාවික හමුදාවටද ඒ ආකාරයටම සිදුවුණා කියලා තමයි අපිට ආරංචි. මුදල් ලබාගත් නමුත් යතුරුපැදි ලබාදීමක් සිදුවෙලා නැහැ නේද? ඒ පිළිබඳ නව රජයේ අගමැතිතුමන් හෝ වගකිවයුතු පුද්ගලයකු මැදිහත් වී සාධාරණයක් ඉටුවන්නේ නම් එය අගයකොට සළකමි (නි)
කැනඩා දිසා Monday, 23 February 2015 01:09 AM
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.පරණ අය ඕවා ගෙනාවේ එයාලගේ අතින්ම බෙදා දෙන්න. තව ටික දවසකින් බෙදයි (නි)
නිශාන්ත Monday, 23 February 2015 03:07 AM
පත්තරයේ පළ කරලා තිබුණා මාධ්‍යවේදීන්ට මෝටර් සයිකල් දෙන කථාවක් ඇමති තුමා කිව්වා කියලා. ඒ ගැන කවුරුත් දැන් කථා නැහැ. උපකල්පනය කරලා දාපු පුවතක්වත්ද කියලා හිතෙනවා. (දිල්)