සෙලින්කෝ අනුබද්ධ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් හතළිස් තුන් ලක්ෂයක් වංචා කළැයි සිසිලියා කොතලාවල සමග චෝදනා ලබා සිටි අටවැනි සැකකාරිය යස්මින් ඉල්හාමි මොහොමඩ් රටින් පැනගොස් වසර 7කට පසු කටුනායක දී අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
විදෙස් ගමන් තහනම් කර තිබියදී ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබියට ගොස් ඇති බව ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේය.
ඇගේ ගමන් බලපත්‍රය තහනම් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප හතරක් මත මුදා හළේය.
ඇයට ඇප දීම ගැන රහස් පොලිසිය විරුද්ධ වූයේ නැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෙලින්කෝ නඩුවක සැකකාරිය වසර හතකට පසු අල්ලයි
ශෙහාන් Monday, 25 July 2016 03:33 PM
මේවට අැපදීමට විරුද්ධ නැහැ. ඒත් අනිත් ඒවාට තමයි විරුද්ධ? හාමුදුරුවරුත් රිමාන්ඩ් එකේ හිටිය රටක් මේක. (නි)
කිත්සිරි Monday, 25 July 2016 11:56 PM
වරදක් කළොත් කවමදාක හෝ දඬුවම් ලැබෙනවාමයි (නි)
වේරගම Tuesday, 26 July 2016 03:18 AM
ආබාධිත රණවිරුවෝ විශ්‍රාම වැටුම් ඉල්ලලා පාරට වැටිලා ඉන්නවා (බ)