(ඩබ්ලිව්.ඒ. අසේල)
රටවටේ මහා පරිමාණයෙන් ව්‍යාපාරික ස්ථාන හා ගෙවල් බිදීම් ඇතුළු වී මහා පරිමාණයෙන් සොරකම් රැසක් සිදුකල සොර කල්ලියක් අත් අඩංගුවට ගැනීමට ගලහ පොලීසිය සමත් වී ඇත.
පසුගිය කාලය පුරා ගලහ නගරයේ සිදුවුනු මහා පරිමාණ සොරකම් හතක් ඇතුලුව වව්නියාව මාමඩුව නුවරඑළිය කඳපොල යාපනය කයිට්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම මහා පරිමාණ සොරකම් කාලයක් තිස්සේ මොවුන් විසින් සිදුකොට ඇත.
රට වටේ රන් භාණ්ඩ අලෙවිසල් විසි එකක් පමණ බිද ඇති අතර ගලහ නගරයේ රන්භාණ්ඩ අලෙවිසැල් ඖෂට අලෙවි සැල් හා ගෙවල් බිදීම් රැසකට මෙම සොර කල්ලිය සම්බන්ධ අතර ගලහ පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් දිගින් දිගටම සිදුකල පරීක්ෂණ ඔස්සේ මෙම සොර කල්ලියේ නායකයා පන්විල ප්‍ර දේශයේ දී අත් අඩංගුවට ගැනීමට හැකී තිබේ.
කල්ලි නායකයා සමග තවත් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර සියලු දෙනාම වයස අවුරුදු තිහට අඩු තරුණයින් වේ. ඉන් එක් අයෙකු ගලහ නගරයේ වෙළඳ සලක ටික දිනක් සේවය කොට ඇත.
ස්වර්ණාභරණ ලැප්ටෝප් පරිගණක රවුටර් ජංගම දුරකතන විදුලි උපකරන බෙහෙත් ද්‍රව්‍ය මුදල් මුලුතැන්ගෙයි උපකරණ වැනි බොහෝ දේවල් මෙම සොරකම් වලදී සිදුකොට ඇත. පොලීසිය විසින් දල වශයෙන් කරන ලද තක්ෂේරු අනුව මේවායේ වටිනාකම කෝටියකට වඩා වටින බව තහවුරු වේ.
මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සොර කල්ලියක් ගලහදී අත්අඩංගුට