IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි

(යොහාන් භාසුර)

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්‍යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙලඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බවත්
රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ශනයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර මෙසේ ප්‍රසිද්ධ කරන බවත් ඒ මහතා කීය.

මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා රේගුව මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඉදිරියේදී රේගු වැරදිවලට සම්භන්ධවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරන බව  සඳහන් කළේය.

මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කරන බවද සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි

යෝගා Monday, 05 May 2025 11:58 AM

හොඳයි. රතු ලේබල් කන්ටේනර් 323 පන්නපු අයගේ නම් ලිස්ට් එකත් ප්‍රසිද්ධ කරන්න.

:       7       12

Bunny Preena Monday, 05 May 2025 01:17 PM

රේගු වංචා විතරක් නොවෙයි, ඕනෙම වංචාවකට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කල යුතුයි. හොඳම ක්‍රමය තමයි නම, ගම, ලිපිනය සමග ඡායාරූපයක් පල කිරීම... නැතිනම් සිදුවන වංචාවලට අහුවන අයගේ අඩුවකුත් දකින්න නැහැ.

:       0       13

Chathura Wijaya Sri Monday, 05 May 2025 01:19 PM

ගෝත්‍රික වැඩක්. වංචාවක් වෙනවා නම් ඒක අල්ලලා දඩ ගහලා හෝ වෙනයම් නීති කටයුතු කරන එක තමයි සීලාචාර රටවල් කරන්නේ. ආණ්ඩු ළිඳ ළඟ සංගමේ වගේ වැඩ නොකල යුතුයි.

:       13       2

Kamal Koyrala Monday, 05 May 2025 01:31 PM

මහජනතාව දැනුවත් කළාට ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. මේවට දැඩි නීති රීති පනවා ආයතන හෝ ව්‍යාපාරිකයන් අසාදුගත කළ යුතු අතර ඔවුන්ගේ ව්‍යාපාර බලපත්‍ර අහෝසි කළ යුතුයි. ආනයන අපනයන සඳහා රේගුවෙන් තක්සේරු කරන මුදල් මහ බැංකුව වෙත ගෙවූ පසු ලදුපත්‍රය වරායට ඉදිරිපත් කිරීම වඩා හොඳයි.

:       0       3

සෑම් Monday, 05 May 2025 01:57 PM

වැඩේ හොඳයි සාර්ථකයි... ඔය රේගුවේ ඉන්න දිනපතා කප්පම් ගන්න රේගු නිලධාරීන්ගේත් නම් රේගුවේ වෙබ් පිටුවේ ප්‍රසිද්ධ කළා නම්...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 43 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 257 2

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 148 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී
2025 මැයි මස 05 329 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 855 2

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 72 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 706 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site