IMG-LOGO

'සිරස කුමරිය' තරගයේ මෙවර ජයග්‍රාහිකාව වූ නෙතලි

2016-09-19-ent-28

සිරස මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන "සිරස කුමරිය" තරගයේ මෙවර ජයග්‍රාහිකාව වූ නෙතලි දිසානායක සමගින් මෙවර "සාරවිට" තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. මේ වනවිට නිරූපිකාවක් සේම ගායිකාවක් ලෙසද කටයුතු කරන ඇය දැනට බාහිර උපාධි අපේක්ෂිකාවක ලෙසද කටයුතු කරන්නීය.

 

"සිරස කුමරිය" තරගයේ ජයග්‍රාහිකව ඔබයි?

2016-09-19-ent-26ඔව්, මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය හැටියට මම දකින්නෙ මේ ජයග්‍රහණයයි. මොකද, මේ ජයග්‍රහණයෙන් පස්සෙ මාව ගොඩ දෙනෙක් හඳුන ගත්තා. අද වනවිට මම නිරූපිකාවක් හා ගායිකාවක් විදිහට කටයුතු කරනවා. මේ හැම දෙයක්ම මට ලැබුණේ %සිරස කුමරිය^ තරගයේ ජයග්‍රාහිකාව වීමත් සමගයි.

 

මේ තරගයට යොමු වුණේ?

සිරස රූපවාහිනියෙන් මේ පිළිබඳව දැන්වීම් දාන කොට අම්මා තමා උනන්දු වෙලා මේ තරගයට අයදුම් පත්‍රයක් යොමු කළේ. මාස කිහිපයක් තිස්සෙ මේ තරග වෙනුවෙන් මට වැය කරන්න වුණා. මීට කලින් මම මෙවැනි තරගයකට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඉතින් මුල ඉඳලාම මේ තරගය ගැන අවබෝධයකින් කටයුතු කරන්න මට සිදුවුණා. නමුත්, අවසන් තරගවලට යොමු වෙන කොට මට මේ තරගය ගැන ගොඩක් අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා.

 

මෙවැනි තරගයකින් පස්සේ බොහෝ විට සිදුවන්නේ රංගනය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබෙන එක. ඔබටත් එවැනි ආරාධනා ලැබුණාද?

ඔව්, ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත්, මම ඒ පැත්තට සම්බන්ධ වීමේදී තෝරාගැනීමක් සිදු කරනවා. ඉතින් ගොඩක් ආරාධනාවල තිබුණේ මට භාර ගන්න බැරි ඒවා. නමුත්, සිරස රූපවාහිනි නාළිකාව කරපු ටෙලි නාට්‍යයක මම රඟපෑවා. දැනටත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයක් ආවොත් මම අනිවාර්යයෙන්ම ඒකට සම්බන්ධ වෙනවා.

 

එතකොට නෙතලි දැන් නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා?

ඔව්. "සිරස කුමරිය" තරගය ජයග්‍රහණය කිරීමත් එක්කම මට නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. දැනට මම අවුරුද්දක කාලයක් තිස්සේ නිරූපණ කටයුතුවල නිරත වෙනවා.

 

වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ නිර්මාණවලටත් දායක වෙන්න අවස්ථාව දැනට ලැබිලා ඇති?

ගොඩක් ආරාධනා නම් ආවා. දැනට නම් ගීත රූප රචනා කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න සූදානමින් ඉන්නවා. මගේම කියලා ගීතයක් කළා. එහි ගීත රූප රචනාවට මම දායක වුණා.

 

ඒ කියන්නේ නෙතලි දැන් ගායිකාවක්?

ඔව්. මගේම කියලා ගීතයක් හා රූප රචනාවක් මම දැනට එළිදක්වලා තියෙනවා. ගීතයේ නම තමයි "දෑසේ සේයා". ලිව්වේ සජිත් උදයංග, සංගීතය හා තනුව නිර්මාණය කළේ රවී විදානආරච්චි. දැනට මේ ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා ආයෙත් ගීතයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

රංගනය හා අනෙකුත් කලා කටයුතුවල වැඩිපුර දකින්න නැත්තේ ඇයි?

මම දැනට බාහිර උපාධි අපේක්ෂිකාවක්. පසුගිය වසරේ "සිරස කුමරිය" තරගය නිසා මගේ අධ්‍යාපන කටයුතු යම් තරමක් අඩාළ වුණා. ඒ නිසා මේ අවුරුද්දෙ මම වැඩි තැනක් දීලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. මගේ උපාධිය නිමා වුණාම බොහෝ විට මම කලාව පැත්තටම වැඩිපුර යොමු වේවි.

 

2016-09-19-ent-29
2016-09-19-ent-27



අදහස් (0)

'සිරස කුමරිය' තරගයේ මෙවර ජයග්‍රාහිකාව වූ නෙතලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site