(ගයාන් සූරියආරච්චි සහ ජේ.එ.එල්. ජයසිංහ)
හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ කලණිය විශ්ව විද්‍යාලයේ සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටින බව මහනුවර මූලස්ථාන පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පවසයි.
සිසුන් 180 පමණ හන්තන මූලික අධ්‍යයනය ආයතනය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය කඳු වැටිය තරණය කිරීමට අද උදෑසන ගමන් කර තිබූ බව පොලිසිය පවසයි.
සිසුන් 180 ගෙන් එකසිය පනස් දෙනෙකු පමණ මහනුවර පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.
හන්තාන කන්ද තරණය කර සවස් කාලයේ නැවත පැමිණීමේදී අධික මීදුම වැස්ස සහ කළුවර හේතුවෙන් සිසුන්ට පාරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.
අතරමං වු අනෙක් සිසුන් සොයමින් මෙහෙයුම් තවදුරටත්සිදුකෙරෙමින් පවතින බව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පවසයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සරසවි සිසුහු පිරිසක් හන්තාන කඳු මුදුණේ අතරමං වෙති
Samarakoon Sunday, 03 December 2023 04:37 AM
මේක නාඩගමක් බවට පත්වෙලා දැන්... යොබ්බන මදය විතරයි. ප්‍රඥාවක් ගෑවිලාවත් නැහැ. කාලය, මාර්ගය, දිශාවන් නිර්ණය නොකර හරක් රැළක් වගේ නොදන්නා කාලෙකට ඔහේ රිංගනවා... හොඳ වැඩේ...
Lal Sunday, 03 December 2023 06:15 AM
දැන් ඉතින් අට පාස් අයට කියන්න බේරගන්න කියලා..
සුපුන් චාමර Sunday, 03 December 2023 08:30 AM
මෙම සටහන තබන්නේ කිසිසේත් අපහාසයට නොවේ. මෙම සරසවි සිසුන් පාරවල් වල උද්ඝෝෂණ කරනකොට දකින දෙයක් තමයි හමුදාවට සහ පොලිසියට ඉතාමත් නින්දිත ලෙස අමතන එක. හමුදාවට එරෙහිව ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වන්නේ 8 පාස් යන්නයි. නමුත් අද වුනේ මොකක්ද? හමුදාව නැති වුණා නම් ඔවුන්ගේ ජීවිත සියල්ල අනතුරේ නේද? මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොඳයි. හමුදාවට අණදීම සඳහා පාලකයින් පත්කරනුයේ මේ රටේම ජනතාව බවත්... එම අණට එරෙහිව යාමට හමුදාවට නොහැකි බවත්. එබැවින් සුදුසු පාලකයෙක් පත් කරගැනීම රටේ ජනතාවගේ වගකීමක් බවත්. හමුදාවක් අවශ්‍ය නැති බවට පම්පෝරි ගසන පිරිසට මේක හොද පාඩමක් බවත්ය...
සුදර්ශන Sunday, 03 December 2023 12:51 PM
ඇත්ත...!
නිමල් Sunday, 03 December 2023 12:52 PM
හන්තානේ ගිහින් මීට කලිනුත් කීප වතාවක් මේ දේම වුණා නේද? කැම්පස් ළමයින්ට...? පරණ ක්‍රමේට කොළ අත්තක් කඩලාවත් මඟ සලකුණු කරමු මීට පස්සේ, ඔය GPS MAP පැත්තකට දාලා...!
Gauri Monday, 04 December 2023 12:13 PM
දැන් තේරෙනවද 8 පාස් ආමි කාරයා කියන මේ වගේ උගතුන්ට 8 පාස් එක නැතිව හුස්මක් ගන්නත් බෑ කියලා.. 8 පාස් එක නැතිනම් මොවුන් ආසන යට... ඇඳිවතත් තෙමාගෙන...