IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘සරසවි සිසුන්ට හිරිහැර එපා‘

විශ්ව විද්‍යාල සිසුනට එරෙහිව ඒකපාර්ශ්විකව ක්‍රියා නොකරන ලෙසත්, ඔවුන් සම්බන්ධ වැරදි තොරතුරු මත ක්‍රියා නොකරන ලෙසස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට අද අවවාද කළේය.

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ උද්ඝෝෂණයක දී අත්අඩංගුවට ගත් සිසුන් 17 දෙනා සම්බන්ධයෙන් පොලිසිය උසාවිය ද නොමඟ යවා ඇතැයි සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත සිසුහු මුදා හරිනු ලැබූහ.

 



අදහස් (0)

‘සරසවි සිසුන්ට හිරිහැර එපා‘

පියල් Monday, 19 May 2014 04:40 PM

සරසවි සිසුන්ට හිරිහැර කිරීම වැරදියි. ඔවුන් අහිංසකයි (නි)

:       0       0

උඩුමලගල ගමගේ Monday, 19 May 2014 04:40 PM

මට පෙනෙන හැටියට දැන් පොලීසිය තනිකරම දේශපාලනීකරණය වෙලා. (නි)

:       0       0

සේරම් Monday, 19 May 2014 04:45 PM

ලබාදෙන අධ්‍යාපන මට්ටම ඉහළ යන්න ඉහළ යන්න රටක අකටයුතුකම් ප්‍රමාණය පහළ යනවා (නි)

:       0       0

ධම්ම Monday, 19 May 2014 04:49 PM

පොඩ්ඩක් ඉන්නකෝ... පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට පොලීසිය කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ බලන්න. (නි)

:       0       0

සිල්වා Monday, 19 May 2014 04:49 PM

අපිටත් පොලිසියට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි (නි)

:       0       0

උදයකාන්ත Monday, 19 May 2014 04:50 PM

දැන් තේරනවා නේද කාගේ අතේද වැරැද්ද කියලා.මේ වගේ අවස්ථාවක පොලිසිය සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි (නි)

:       0       0

පවන් Monday, 19 May 2014 05:02 PM

මේ සරසවි සිසුන්ගේ දෙමවුපියන් බොහොමයක් බොහොම දුප්පත් අහිංසක මිනිස්සු (නි)

:       0       0

නිශාන්ත Monday, 19 May 2014 06:20 PM

අනේ මම දන්නෙ නැහැ. අපි දැක්ක හැටි වැරදිද මන්දා. උසාවි නියෝග පොලීසිය ගිහින් කියවනකොට ළමයි හැසිරුනු ආකාරය අපිත් බලාසිටියා (නි)

:       0       0

ගුණරත්න Monday, 19 May 2014 06:21 PM

මේ රටක් සුවපත් කරන්න ඉන්න දැයේ ආදරණීය වෙද හෙද දූලා පුතාලට නේද මේ කරදර කරන්නේ? (නි)

:       0       0

සමීර Tuesday, 20 May 2014 02:20 PM

දේශපාලකයන්ගේ ඕනකමට සිසුන්ට ගහලා අන්තිමට දේශපාලයන්ගේ ඕනකමටම මැරුම් කනවා... (ස)

:       0       0

දුමින්ද Tuesday, 20 May 2014 08:03 AM

ඇයි පොලිසිය මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

තරිඳු Monday, 19 May 2014 06:52 PM

පියල්, ඔව් හරිම අහිංසකයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 19 May 2014 07:38 PM

සිසුන් සිසුන් විදියට නැතුව මැරවරයෝ, රස්තියාදුකාරයෝ වගේ වෙන්න හදනවා නම් ඔවුන්ව හුරතල් කරලා නලවලා ප්‍රශ්න විසදන්න බැහැ. ඒක මේ සිදුවීමේදී අපි හොඳින් දැක්කා. (නි)

:       0       0

නුවන් Monday, 19 May 2014 08:27 PM

සරසවි සිසුන් කවදත් අසරණයි (නි)

:       0       0

සහන් Monday, 19 May 2014 08:33 PM

අනේ මන්දා! මේ ළමයි සෙල්ලම් පිස්තෝල අරගෙන මහ දවල් පාරේ සෙල්ලම් කළාවද්ද? ඔව් ඔව්... එහෙම නම් හුරතල් කරලා නලවලා බැහැ තමයි. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 21 May 2014 01:43 AM

මේක කරේ වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමට කියමුකෝ මම අහන්නේ මේ ආණ්ඩුව හැම වැඩේම කරන්නේ වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමටද? අනේ අපි නොදන්නා නිශාන්ත (ස)

:       0       0

ගුණරත්න Monday, 19 May 2014 09:03 PM

මේ ඔවුන් පහර දෙන්නේ මාතෘ භුමියේ අනාගතයටයි. හෙට දින ලොව දිනන අපේම බුද්ධිමතුන්ටයි. ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුවෙකු වුවද , අඩුම තරමින් සාමාන්‍ය පෙළ දක්වා හෝ පාසැල් නොගියා වෙන්නට බැරිය. ඔබ ඒ නිදහස් අධ්‍යාපානය භුක්ති වින්ඳේ අපට පෙර පරපුර දිවි හිමියෙන් අධ්‍යාපන අයිතිය රැකගත් නිසාය (නි)

:       0       0

ගමගේ Monday, 19 May 2014 09:34 PM

පොලිසියෙන් ගහපු එක හරිම සෝචනීයයි. මාස පහක් පාරේ ලැග්ගේ පිස්සුවට නෙමේනේ. එත් ඉතින් මේ හතර බීරි ප්‍රශ්නෙ ඇති කරපු දෙවිවරු කව්ද කියල රටම දැනුවත් කලොත්නම් ඉක්මනට පිළිතුරක් ලැබේවි. කව්රු කලත් තමාගේ ධර්මයට පිටින් සතුටු වෙන්න ඉඩක්නම් නැහැ. (ස)

:       0       0

නිශාන්ත Monday, 19 May 2014 09:39 PM

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කලේ නිදහස් අධ්‍යාපනයෙන් ම බිහිවුන වෛද්‍යවරුන්ගේ ඉල්ලීමකට නේද? ඇයි මේ කාරණාව සිසු සංගම් හා මාධ්‍ය වහන්න හදන්නෙ? පාරවල් වහගත්තම දුක් විදින්නෙ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්න බදු ගෙවන සාමාන්‍ය ජනතාව මිසක් පොලිස් බයිසිකල් ඉස්සරහ තියාගෙන යන ලොකු මිනිස්සු නෙවෙයි නේද? (ස)

:       0       0

කුමාර Monday, 19 May 2014 09:58 PM

මේ වගේ වැඩ දිගටම කරන පොලිසියේ අය පිල්ලේ නෝනගේ ඒජන්ත වරුන් වෙන්න බැරිද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site