IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සරසවි ගිහින් රඟපෑම තෝරා ගත්ත ගීතිකා

SAN_3421

 

ගීතිකා රාජපක්ෂ වන ඇය අපට හමුවන්නේ උතුම් පැතුම් සහ අංකල් සෑම් ටෙලි නාට්‍ය සමඟයි. රඟපෑමට මේ විදියට පැමිණ සිටින මේ ගීතිකා යනු කැලණි සරසවියෙන් උපාධියක් ලද තරුණ ශිල්පිණියකි. උපාධිධාරිණියක වූ ඇය රඟපෑමට පැමිණියේ ඇයි? උපාධිය සමඟ රඟපෑමට ආ ගීතිකා අද සඳැල්ල කතාබහ ගීතවත් කළේ මෙලෙසිනි.

dfh


button ගීතිකා ඒ හැර තවත් නම් තියෙනවද ඔබට?
ගීති කියලා ආදරේට කියන්නෙ.

 


button කවුද එහෙම කියන්නෙ?
යාළුවො තමයි

 


buttonගීත ගයන්නත් පුළුවන්ද?
පාසල් කාලයේදී නම් ගීත ගැයුවා. දැන් බැහැ.

 


button ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ?
ගායනය කියන්නේ ප‍්‍රගුණ කළ යුතු දෙයක්. පාසල් කාලයෙන් පසුව ප‍්‍රගුණ කළේම නැහැ.

 


button පාසල් කාලයෙන් පසුව මොනවද කළේ?
පාසල් අධ්‍යාපනය හොඳින් කළා. සරසවි වරම් ලැබුවා. කැලණිය සරසවියෙන් අනුක ජීව විද්‍යා අංශයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. ඉන්පසුව රැකියා දෙකක්ම කළා.

 


button එහෙම කරලා ඇයි රඟපෑමට ආවේ?
සරසවි කාලයේ ඉඳලාම නිරූපණ ක්ෂේත‍්‍රයේ හිටියා. ඒත් එක්කම ටෙලිනාට්‍ය රංගනයට ආරාධනා ලැබුණා. වතාවක සරසවියෙ පැවැත් වූ විලාසිතා දැක්මකින් පසුව රූපවාහිනී දැන්වීමකට ආරාධනා ලැබුණා. ඉන් පසුව මියුසික් වීඩියෝවලටත් ආරාධනා ලැබුණා. ”සිහින කිරිල්ලිය” ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණෙ ඒ කාලයේදීයි. ඉන් පසුව නිල්වලා ආයතනයෙන් ආරාධනා ලැබුණා.

 


button දැන් වෘත්තිය මොකක්ද?
දැනට රඟපෑමේ කටයුතුවල යෙදෙනවා. ඊට අමතරව මගේ උපාධියට ගැලපෙන රජයේ රැකියාවක් කිරීම තමයි අරමුණ.

 


button ඔබගෙ පවුලේ විස්තර ගැන කිව්වොත්?
මගේ ගම පොල්ගහවෙල. මලියදේව ආදර්ශ මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ. පවුලෙ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි, මල්ලියි. අක්කාත් කැලණි සරසවියේ උපාධිධාරිණියක්. අක්කා විවාහකයි.

 

SAN_3269

 


button අද ඔබ ජනප‍්‍රියයි කියලා හිතනවාද?
ඔව්, අද මම එහෙම හිතනවා.

 


button ඒකට හේතුව?
මේ දිනවල විකාශය කෙරෙන ”උතුම් පැතුම්” නාට්‍යයේ සුදු හාමිනේ, චරිතය වගේම අංකල් සෑම් නාට්‍යයේ චරිතය වගේම පසුගිය දිනවල විකාශය වූ නාට්‍යවල රඟපෑ චරිත නිසා.

 


button ඒ කියන්නේ කාර්ය බහුල ශිල්පිණියක්?
පසුගිය දිනවල කාර්යබහුල වුණා. මේ දිනවල තරමක් විවේකියි.

 


button ටෙලි නාට්‍ය රංගනයේදී ඔබට සැලකිය යුතු චරිත ලැබුණාද?
 ඕනෑ තරම් ලැබුණා. නමුත් ලැබෙන  ඕනෑම චරිතයක් කිරීමට වඩා මට කළ හැකි චරිතයක් පමණක් බාර ගැනීම තමයි කරන්නේ.

 

SAN_3302

 


buttonටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ දිගටම රැුඳෙන්න ද කල්පනාව? නැත්නම් වෙනත් රැුකියාවක් කිරීමට ද සූදානම?
අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. නවක නිළියක ලෙස පේ‍්‍රක්ෂක මතකයේ රැඳෙන තරමේ හොඳ චරිත කිරීම අරමුණයි. දක්ෂතාවය අනුව ක්ෂේත‍්‍රයේ රැඳෙන්න පුළුවනි. ඒ නිසා රඟපෑමේ විෂයට උපරිම කැපකිරීමක් කරනවා.

 


button රඟපෑමට විතරද දක්ෂ?
නර්තනයටත් දක්ෂයි කියලා හිතනවා. පාසල් කාලයේදී වගේම සරසවි කාලයේදීත් නර්තනය හැදෑරුවා. උඩරට සම්ප‍්‍රදායේ නර්තනය හදාරන්න ඒ නිසා ශිෂ්‍යත්වයක් පවා ලැබුණා.

 


button ගීතිකා දැන් ගමේ යනවද?
ගිහින් හිටියා. දැන් අම්මගෙ යාළුවෙක්ගෙ ගෙදර තමයි නතර වෙලා ඉන්නේ. නිවාඩු ලැබුණු හැටියෙ ගෙදර යනවා.

 

SAN_3218

 


button කැම්පස් යන කාලයේදි රැග් එකට අහුවුණා කියලත් ආරංචියි?
අපේ ෆැකල්ටියෙ අයට එච්චර රැග් ලැබුණෙ නැහැ. සිංදුවක් කියන්න වගේ පොඩි දේවල් කරන්න තිබුණෙ. ”හීනයකි මට ආදරේ” ගීතය ගයලා පෙන්නුවා. ඒ හින්දා පුංචි රැුගකට මුහුණ දෙන්න වුණා.

 


button ගීතිකා මොන විදියෙ කෙනෙක් ද ඔබ?
ඇත්තම කිව්වොත් මම මාවම හොයන කෙනෙක්. එක එක වෙලාවට එක එක විදියයි. විවිධාකාරයි. විවිධ ස්වභාවයන්ට අනුව විවිධාකාර වෙනවා. මට ආදරය කරන අය අනුව එයාලා හිතන විදිය අනුව වෙනස් විදියට හිතනවා ඇති. ඒක එයාලගෙ සිතිවිල්ලයි.

 

     
button කවුද ආදරේ කරන්නෙ?
‘‘අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
එක මොහොතක්”
ආදරය ගැන පසුවට කතා කරමු.

 

SAN_3486

sadun-gamage



අදහස් (0)

සරසවි ගිහින් රඟපෑම තෝරා ගත්ත ගීතිකා

නුවරඑළියේ වසන්ත Friday, 04 September 2015 04:44 AM

'උතුම් පැතුම්' ටෙලි නාට්යේ 'සුදු හාමිනේ'. රඟපෑමට දක්ෂතාවයක් තියෙන බව පේනවා. හැදෑරීමෙන් ඉදිරියට යන්න. ඔබට සුබ අනාගතයක්. (අ)

:       0       0

සංජීවනී Tuesday, 22 September 2015 09:46 AM

ඔබගේ ඉදිරි කටයුතු කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

ලක්ෂණ Saturday, 12 September 2015 11:05 AM

කොහෙද හිටියේ මෙච්චර කල්' (අ)

:       0       0

රාසා සෞදි Thursday, 03 September 2015 09:54 AM

අනේ අත්තට සරසවි ගියා නම් ඉගෙන ගන්නේ නැතුව මොන එහෙකට රගපානවාද? (ම)

:       0       0

දමයන්ති Wednesday, 02 September 2015 08:28 PM

මෙයා නම් දැක්කෙත් අද තමා. (නි)

:       0       0

සරත් Monday, 14 September 2015 08:40 AM

ඔබ හරිම කටකාර දගකාර ඒවගේම හරිම හුරතල් ආදරේ හිතෙන හොද අනාගතයක් තියෙන ළමයෙක්. (අ)

:       0       0

නිශාඩ් Monday, 14 September 2015 07:55 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

කවින්ද Wednesday, 02 September 2015 12:28 PM

මේ කවුද මේ? අපි නම් දැකලත් නැහැ,දන්නෙත් නැහැ. (නි)

:       0       0

සචිත් Wednesday, 02 September 2015 01:08 PM

ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක් විතර දැන් නළු නිළියෝ මම හිතන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site