IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සරසවි අවශ්‍යතා නංවන්න ඇමැතිගෙන් යෝජනා රැසක්

තාක්ෂණ විෂයයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුනගේ අවශ්‍යතා සැපිරීමට අති ප්‍රමුඛත්වය දෙන්නැයි විශ්ව විද්‍යාල අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැති මණ්ඩලයට යෝජනා කරයි.

රටේ සංවර්ධන හා ආර්ථික අවශ්‍යතාවලටද අන්තර්ජාතික රැකියා වෙළඳපළටද සුදුසු පරිදි වෘත්තීය උපාධිධරයන් බිහිකිරීමේ යටිතල පහසුකම් ඇතිකිරීම යුගයේ අවශ්‍යතාවයක් බව ඇමැති කියයි.

මේ අනුව විද්‍යාගාර, පීඨ, පරිපාලන ඒකක, අවන්හල් ආදී මූලික අවශ්‍යතා සපිරිය යුතු යැයිද ඇමැති යෝජනා කරයි.

මේ සඳහා රුපියල් කෝටි 702ක් වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් සපයන ලෙසද ඔහු ඉල්ලයි.

යටිතල පහසුකම් ඇති කිරීමට යෝජිත සරසවි

රජරට විශ්ව විද්‍යාලය

කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණය සහ ග්‍රාමීය විද්‍යා ආයතනය

වයඹ විශ්ව විද්‍යාලය

රුහුණ විශ්ව විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලයයන්.



අදහස් (0)

සරසවි අවශ්‍යතා නංවන්න ඇමැතිගෙන් යෝජනා රැසක්

ජයවික්‍රම Friday, 30 October 2015 09:33 AM

යහපතක්ම වේවා.(ම)

:       0       0

අමල් Friday, 30 October 2015 09:49 AM

හොද වැඩක්. (ර)

:       0       0

සරත් පර්ත් Friday, 30 October 2015 09:56 AM

පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි (ම)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 30 October 2015 05:27 PM

මෙය බොහෝ කලකට ඉහත දී කරන්න තිබුන අත්‍යාවශ්‍යම දෙයක්. අප විසින් මෙවැනි වැඩ පිළිවෙලක් පසු ගිය ආණ්ඩුවට ඉදිරිපත් කළත් ඉන් පළක් නොවුයේ පාලක පවුල මොළය ට වඩා අතපය හයිය රටේ සංවර්ධනයට යොදා ගැනීම නිසයි. රටේ සම්පත් වලින් කොටසක් නිදහස් අධ්‍යාපනයට යොදනවා කියන්නේ, දීර්ගකාලීනව ධනාත්මක ආයෝජනයක්. ඊට පයින් ගසා චන්ඩින් ලවා රට පාලනය කිරීමේ කටුක වේදනාව අප සිත් වලින් තවම පහවී නැහැ . (රේ)

:       0       0

සරත් Friday, 30 October 2015 10:36 AM

යෝජනා පමණක්ම නොවේවා ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site