IMG-LOGO

සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩ වරති

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (27) සිට වැඩවර්ජනයක් ඇරඹූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.

මෙතෙක් තම ඉල්ලීම් වෙනුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජයමගින්  ලබාදී නොමැති වීමත්  හා 26 වැනිදා මහා භාණ්ඩාගාරයේ දී කැඳවූ රැස්වීම අවලංගු කිරීමත් නිසා මෙම තීරණයට එළැඹි බව ඔහු කීය.

මාසික හිලව් දීමනාව වැඩිකිරීම, සියලුම සේවකයන්ට රක්ෂණ ක්‍රමයක්  ක්‍රියාත්මක කිරීම, විධිමත් විශ්‍රාම වැටුපක් ලබාදීම,  වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු පසුගියදා දින දෙකක සංකේත වැඩ වර්ජනයකද නිරත වූහ.

Edwaed-Malwathha image-0-02-01-7c8606cd39606e5147b3457ed8b9ac36b44795583029285bdc6da81ff7c7c389-V image-0-02-01-825583d06824c50b8b0ab15c90b84a61e2f6925a53aa79142d55ef83eb0f3ec2-V-(1)

ජායාරූප - ප්‍රින්ස් රත්නායක (සබරගමුව)

6630[1]

ලාල් ඒස් කුමාර (කැළණිය)



අදහස් (0)

සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩ වරති

සමන්ති Wednesday, 27 July 2016 05:59 AM

මෙයාලට ඕනෑ විදියට විශ්ව විද්‍යාල පරිපාලනය කරන්න ඉඩදෙනවද? මේකද යහපාලනය? (නි)

:       0       0

නවරත්න Wednesday, 27 July 2016 06:22 AM

මෙයාලාට කොපමණ දුන්නත් සතුටට පත්කිරීමට බොහොම අමාරුයි. මේවා ඉල්ලන්නේ සියලු දේවල් තියන අය (නි)

:       0       0

රෝහිත විජේසූරිය Wednesday, 27 July 2016 06:42 AM

නොදන්න දේවල් කතා කරන්න එපා සමන්ති නවරත්න (බ) 

:       0       0

කමනි Wednesday, 27 July 2016 06:56 AM

අගෙයි අගෙයි ලෝකේ අනිකුත් ආසියාතික රටවල් , සිංගප්පුරුව, දකුණු කොරියාව එහෙමත් දියුණු වුනේ වැඩ වරලා අයිති වාසිකම් විතරක් දිනාගෙන, තමන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම් ඉටු නොකරණේ. (බ)

:       0       0

උපාලි Wednesday, 27 July 2016 07:01 AM

සමන්ති, නවරත්න, ඔබ හරි. මොකක් හරි ඉල්ලීමක් නැත්නම් මේ කට්ටියගේ සමිතිවලට පැවැත්මක් නැහැ. අධ්‍යයන කට්ටිය වර්ජනය කරනවා නම් අනධ්‍යයන කට්ටියත් කරන්න ඕන. එච්චරයි. (බ)

:       0       0

විමලගුණ Wednesday, 27 July 2016 08:02 AM

දැන් මේක විලාසිතාවක් වෙලා (නි)

:       0       0

රත්නායක Wednesday, 27 July 2016 08:12 AM

කියන්න බලන්න මොනවද මෙයාලාට අඩු කියලා (නි)

:       0       0

අනිල් Wednesday, 27 July 2016 08:20 AM

අනධ්‍යන ස‍ේවකයාග‍ේ කාර්යයභාරය ද්‍ෙශන ශාලා ඇරීම පමණකැයි කියා සිතන අය ගැන කණගාටු වනු හැර කළයුත්තක් නැත. එදා බැංකු සේවක හා සමතැන සිටි ඔවුන්ගේ අද වැටුපද රාජ්‍ය සේවය හා සම නමුත් 10% අඩු විශ්‍රාම වැටුපක්වත් නැති අතර, එයද සාමාජිකයාග‍ෙන් පසුව අහා‍ේසිවන එකකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 311 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 490 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site