(ගයාන් සූරියආරච්චි)
වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා තර්ජනය කළ බව කියන රියැදුරකු (2) දා අත්අඩංගුවට ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව, බලල්ල, අමුණුකොලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය විසින් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
සැකකරු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් එම සිසුවියගේ ෆේස්බුක් ගිණුමට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවා සැකකරු සමග ලිංගිකව එක්වන ලෙසත් එසේ නොකළ හොත් එම සියලු ඡායරූප සහ වීඩියෝ දර්ශන ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සරසවි සිසුවියට නිරුවත් රූප යැවූ රියැදුරා මාට්ටු