IMG-LOGO

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ

(රෝෂන් තුෂාර)

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට වට්ස්ඇප් වෙත යොමුකළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කළාය.

එම දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් විශ්ව විද්‍යාල දැරියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොණ කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන්  සැකකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළාය.

අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සැකරුට  ඉදිරිපත්කෙරිණි.

අදාළ චෝදනාවන්ට විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගන්නා බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

විත්තිකරු එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ ඉල්ලීම පරිදි රුපියල් පන්සියයක් රැගෙන අදාළ ඡායාරූපය වට්සැප් සමූහයක් වෙත යොමු කර ඇති බවත්, එම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයින් නොවන බවත්,විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම සිදු කරගත් මෙම අවාසනාවන්ත ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරු වසරක් තිස්සේ පසුතැවෙන බවත්,නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇද්ද යන්න පිළිබඳව  විමසා සිටියාය.

පැමිණී ලිකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන ඡායාරූප සමාජ මහත්තයට මුදාහළ ප්‍රදාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ඔහු විසින් මෙම සැකකරුට අදාළ ඡායාරූපය පළ කිරීම සඳහා යොමු කර ඇති බවත්, රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.

අගතියට පත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිව  නසා ගැනීමට පවා පෙළඹී ඇති බවත් ,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් සඳහන් කළේය.

එහිදී පැමිණිලිකාරය ශිෂ්‍යයාව අධිකරණය ඉදිරියට කැඳ වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිලිකරිය තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්දැයි විමසා සිටියාය.

ඇය තවමත් අධ්‍යාපනය ලබන බවත්,වරද පිළිගත් සැකකරුගෙන් රුපියල් පනස් දහසක වන්දියක් බලාපොරොත්තු වන බවත් සඳහන් කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වින්දිත තැනැත්තියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කරමින් ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළාය.



අදහස් (0)

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site