(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා අද (6) පැවසීය.
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා එසේ පැවසීය.
විශ්වවිද්‍යාලය අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවට විසඳුම් නොලැබීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම මස 2 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව කී වන්නිනායක මහතා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම මස 3 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මෙම අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, කොළඹ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට හෙට (8) පෙරවරු 10.00 සිට විරෝධතාවක් පවත්වන බවත් වැටුප් විෂමතා නිවැරදි නොකිරීම සහ ආණ්ඩුව පොරොන්දු වූ දීමනා සහ සෙසු පහසුකම් නොලැබීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 11 ක් මෙම වර්ජනයට හේතු වන බවත් ඒ මහතා කීය.
මෙම වසරේ ජනවාරි මස සිට ඉල්ලීම් ලබාගැනීම සඳහා සංකේත වැඩවර්ජන ඇතුළු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කළ ද බලධාරීන් පොරොන්දු ඉටුනොකිරීම නිසා මෙවැනි අඛණ්ඩ වර්ජනයකට යෑමට සිදුවූ බව කී වන්නිනායක මහතා මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතුවලට වන අපහසුතාව පිළිබඳව කණගාටු වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව
බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා
මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක
අරවින්ද මොනරවිල Monday, 06 May 2024 02:16 PM
කළබල කෙරුවට නැහැ වැඩක් වෙන්නේ, ජනතාවගේ ප්‍රශ්න හැදුණෙන ආණ්ඩුවක් හදා ගන්නවා ඇරෙන්න.
Aruna Monday, 06 May 2024 02:22 PM
අම්මෝ හරියටම වැඩ කරන අය
රාජරත්න Monday, 06 May 2024 02:54 PM
නිලනිවාසවල හරි හරි බිස්නස්, බෝඩිං කාමර, කැම්පස් වතුපිටිවල ඵලදාව විකුණලා ගන්න සල්ලි, උදේට පොත අස්සන් කරලා එලියේ වීල් එලවනවා, පිට කොන්ත්‍රාත් වැඩවලට යනවා, හවසට වේලාවට ඇවිත් පිටවීම අස්සන් කරනවා, බොරුවට OT දාගෙන ගාන කපනවා, සේවා වෙලාවට බොරුවට වැනෙනවා, පොටෝ කොපි කොලයේ ඉඳලා පුලුවන් හැමදේම පන්නනවා... මේ පොඩි අය කරන වැඩ. විධායක අයගේ සපෝට් එක නැතිව මේවා කරන්න බෑ. විධායක අය ලොකු ලොකු වැඩ. ටෙන්ඩර් කොමිස්, හොරට හදන බිල්, කැම්පස් වාහනයක් හදන්න ගෙනියන ගරාජ් එකෙනුත් කොමිස්... එහෙම තියෙද්දිත් ඉතින් අපි ස්ට්‍රයික්...!