IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්

(සුජිත් හේවාජුලිගේ )
සුරාබදු  ත්‍යාග අරමුදලේ  රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක්   එම  දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු  වෙනත් රැකියා ස්ථානයකට මාරු වී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

එම වාහනය දෙපාර්තමේන්තුවට  බාර දෙන ලෙස දැනුම්දී ඇතත් ඔහු තවමත් භාරදී නැතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ප්‍රධානියා මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක මුල් පුටුවකට  මාරු වී යාමෙන් පසු එම සුඛෝපභෝගී වාහනය වෙනුවට වෙනත් කුඩා වාහනයක් සුරාබදු දෙපාර්තමේන්තුවට ඒවා තිබෙන බව දැනගන්නට ඇත.

එම කුඩා වාහනය  පාවිච්චි නොකර දෙපාර්තමේන්තුවේ  ගාල්කර තිබෙන බව
නිලධාරීහු පවසති.

සුරාබදු  නිලධාරින්ගේ ත්‍යාග අරමුදලින් මිලදී ගත් එම වාහනය හිටපු ප්‍රධානියකු මෙසේ රැගෙන යාම ගැන සුරාබදු  නිලධාරීහු දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට සුරා බදු මාධ්‍ය ප්‍රකාශක   නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ඇමතීමට කිහිප වරක්ම උත්සාහ ගත්තද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.

 



අදහස් (6)

සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්

ravin Sunday, 04 May 2025 04:37 PM

සුරාබදු අයත් වන්නේ මුදල් අමාත්‍යාංශයට නේද? දූෂණය ගැන දැඩි විමසිල්ලෙන් සිටින තැනක්නේ කරුණු විමසන්න...

:       0       3

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Sunday, 04 May 2025 06:26 PM

ගුරාලා හිටගෙන, ගෝලයෝ දුව දුව. එහෙමයි උගන්නලා තිබුණේ.

:       0       4

Dilum Sunday, 04 May 2025 06:51 PM

පළවෙනි දවසේම දීලා යන්න කියලා කියන්න කෙනෙක් හිටියේ නැද්ද? මම උන්නා නම් කියනවා නැත්නම් හුළං අරිනවා...

:       0       3

fairoos Monday, 05 May 2025 11:04 AM

මෙහෙම නිළධාරීන් ඉන්නකම් දූෂණය වංචාවත් කොහොම නතර කරන්නද ?

:       0       5

prasanna Monday, 05 May 2025 11:11 AM

සුරා බදු නම වෙනස්කර... . ලංකාවේ සුපිරි සෙල්ලන් කාරයෝ ටික ඉන්නේ මේකේ .මෙයාලගේ ළමයි ඉන්නෙ පිට රටවල... පුදුම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අය ඉන්න දෙපාර්තමේන්තුවක් මේක. මෙයාල කොළ කැඳ හදන්නේ 5000 කොළ පොල්කිරි සමඟ බ්ලෙන්ඩ් කරලා.

:       0       2

Bunny Preena Monday, 05 May 2025 01:14 PM

සුරාබදු ලොක්කා තවම සූර් පිටින්ද දන්නේ නෑ ඉන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site