IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘සිරුර විනිවිද දකින්න රුහුණට යන්න‘

රුහුණ විශ්වවිද්‍යාල පීඨය සංවිධානය කරන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය අද 24 සිට 29 දින දක්වා ගාල්ල කරාපිටියේ දී පැවැත්වීමට යයි. මෙවැනි ප්‍රදර්ශනයක් රුහුණ වෛද්‍ය පීඨයේ පැවැත්වෙන්නේ දස වසරකට පසුවය. 

මිනිස් සිරුර, වැළඳෙන රෝගාබාධ, ඉන් වැළකි සිටීමේ ක්‍රම විධි සහ ප්‍රතිකාර ආදිය පිළිබඳ අවබෝධයක් ලබා දීම අරමුණ බව රුහුණ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා කියයි.

වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් හයක් ක්ෂේත්‍ර 32ක් යටතේ මේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. මෙහිදී නවීන තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කරමින් මිනිස් සිරුර හා සෞඛ්‍ය පිළිබඳ අවබෝධයක් ලබාදීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

කරාපිටිය මන්සන්ධියේ ම සවිකර ඇති අතිවිශාල මිනිස් හිස්කබලක අනුරුවකි. වෛද්‍ය පීඨයට පමැණෙන විට හිස් සේලයින් බෝතල් වලින් නිර්මාණය කරන ලද අපූරු තොරණක් දක්නට ලැබෙයි. ප්‍රදර්ශනය කලාප තුනකට බෙදා තිබේ. එහිදී එක් එක් දොරටුවෙන් එක් එක් කලාපයට ඇතුළු විය හැකි අතර වෛද්‍ය පීඨයේ ඉදිරිපස ඇති එක් දොරටුවකින් ඇතුළු වූ විට දක්නට ලැබෙන්නේ අපරාධයක් සිදුවූ ස්ථානයකි.

එය දැක පැමිණෙන ඕනෑම පුද්ගලයකු මොහොතකට තැති ගැන්වෙනු ඇත. ඇඳක් මත ලේ පෙරාගෙන වැටී සිටින පුද්ගලයකුගේ අනුරුවක් හා පොලිස් පරික්ෂණ සිදුවන ආකාරය දැක්වෙන එහි ඉහළින් සඳහන් වන්නේ ‘‘වෙදැසින් යුක්තිය“ යන්නයි.

ඒ වෛද්‍ය ප්‍රදර්ශනයේ දී කාගේත් වැඩිම අවධානයක් යොමු වනු ඇතැයි සිතිය හැකි අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයයි. එහිදි අපරාධ සිදුවන ආකාරය, අපරාධ කරුවන් හඳුනා ගැනීම සඳහා වෛද්‍ය විද්‍යාවෙන් ලැබෙන පිටිවහල ආදී සියල්ල දැක්වෙන පරිදි ප්‍රදර්ශන කුටි සකසා තිබේ. මෙහි ඇති වැදගත්ම අංශයක් වන්නේ  එල්ලී මියයන පුද්ගලයන්ට හා දියේ ගිලෙන පුද්ගලයන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයයි. එමෙන් ම මියගිය පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ආකාරය ද මේ ස්ථානයේ දී දැක බලා ගැනීමට හැකියාව ඇත.

සෝම හිමියන්ගේ මරණය ඝාතනයක් ද යන්න පිළිබඳ සාක්කි සහිතව දැක ගැනීමේ අවස්ථාව කරාපිටිය වෛද්‍ය ප්‍රදර්ශනය නරඹන අයට ලැබෙනු ඇත.

අධිකරණ වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා මෙසේ පවසයි.

‘‘මවගේ කුසෙහි පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වාම වෙද්‍යෙ විද්‍යාවට සම්බන්ධ සියලු දේ ප්‍රදර්ශනයට ඇතුළත්. මෙය තනිකරම වෛද්‍ය සිසුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක්. වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය, වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම දෙමින් සිරුරේ සියුම් කොටස් ගැන පවා ලොකු දැනුමක් ලබා දෙන මේ ප්‍රදර්ශනය පාසල් සිසුන්ගේ සිට සියලු දෙනාට ඉතා වැදගත් වේවි“

එක් තැනක මිනිසාගේ නාසයේ ආකෘතියක් දක්නට ලැබෙයි. අපි එයින් ඇතුළු වීමු. නාසයේ අභ්‍යන්තරයට අපි කවදාවත් ඇතුළු වී නැත. එහි අභ්‍යන්තර සැකැස්ම ඔස්සේ ස්වසන පද්ධතිය දක්වාම ගමන් කිරීමට අපට අවස්ථාව ලැබී ඇත.

තවත් ප්‍රදර්ශන කුටියකට ඇතුළු වූ විට අපි මිනිස් සිරුර අභ්‍යන්තරයට ගියෙමු. එක් එක් ඉන්ද්‍රියයන් පිහිටි ආකාරය අපට දක්නට ලැබෙයි.

ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වී එතැන් සිට බිළිඳකු මෙළොවට බිහිවන හැටි දක්වන ප්‍රදර්ශන කුටිය ලහි ලහියේ ඉදිවෙමින් පවතී.

තවත් තැනක සර්ප විමානයකි. ශ්‍රී ලංකාවේ සිටින සර්පයන්ගේ ආකෘති වෛද්‍ය සිසුන් අතින් නිම වන්නේ අපූරු චමත්කාරයක් එක් කරමිනි. සතුන්ගේ ඡායාරූප බලමින් ඔවුහු වර්ණ සංකලනයේ යෙදෙති. සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සජීවී සර්ප දර්ශක පෙන්වමින් විෂ සිරුරට ඇතුළු වූ විට සිදුවන දෙයත්, කළ යුතු දෙයත් පිළිබඳ ප්‍රදර්ශනයට පැමිණෙන අය දැනුම්වත් කිරිම ඔවුන්ගේ අරමුණයි.

විශේෂ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ, ප්‍රජනන සෞඛ්‍ය, ගැබිනි මවුවරුන්ට අවශ්‍ය දැනුම මෙන්ම ප්‍රජා සෞඛ්‍ය උපදෙස් ද අඩංගු මෙම ප්‍රදර්ශනයේ දී අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ද පුළුල් අවබෝධයක් ලබා දීමට නියමිතය.

තවත් ප්‍රදර්ශන කුටියක මිනිස් සිරුරු විච්ඡේදනය කර සිරුරේ අභ්‍යන්තරය දැක ගත හැකි ආකාරයෙන් සකසා තිබේ. වෛද්‍ය පීඨයට පරිත්‍යාග කළ මළ සිරුරු මේ සඳහා යොදා ගෙන තිබේ. එමෙන් ම තවත් පසෙකින් දැක්වෙන්නේ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී මිය යන පුද්ගලයන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි. ඒවා නැරඹීමෙන් විවිධ රෝග හා පුරුදු හේතුවෙන් තම සිරුරට සිදුවන විනාශය දැක ගැනිමට නරඹන්නන්ට හැකියාව ලැබෙනු ඇත.

සංවිධායකයන් පවසන්නේ මිනිස් අවයව, මළ සිරුරු විච්ඡේදන සහිත සජීවී දර්ශන මෙන්ම සත්‍ය ශල්‍යාගාර ඇතුලේ සිදුකරන සැත්කම් පිළිබඳ සජීවී අත්දැකීම් ලබා ගැනීමට ද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට අවස්ථාවක් ලැබෙන බවයි.

ප්‍රදර්ශනය සෑම අද සිට 29 වැනි දා දක්වා උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වීමට නියමිතය. 

ruhuna_2016323 ruhuna_2016323-2 ruhuna_2016323-3 ruhuna_2016323-4



අදහස් (0)

‘සිරුර විනිවිද දකින්න රුහුණට යන්න‘

ෆෙඩ්රික් Wednesday, 23 March 2016 08:22 AM

සුපිරි වැඩක්. සුබ පැතුම් (බ)

:       0       0

සුදේශ් Wednesday, 23 March 2016 08:51 AM

නියමයි හොඳ වැඩක් (බ)

:       0       0

සූරි Wednesday, 23 March 2016 09:37 AM

අතිශයින්ම වැදගත් කාර්යයක් .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site