IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිරුරේ රස්නය නිවා ගන්න ජල බඳුනක ගත කරන ජීවිතය

(උපුල් හේරත්)

වකුගඩු රෝගයෙන් පෙළෙන අනුරාධපුර පරසන්ගස්වැව හිටපු යුද හමුදා සෙබළකු තම සිරුරේ දැඩි උණුසුම මකා ගැනීමට දවස පුරා වතුර බැරලයකට බස සිටින පුද්ගලයකු අපට හමු විය. 

දරාගත නොහැකි දැඩි උණුසුම නිසා මෙසේ දවසේ වැඩි වෙලාවක් වතුර බැරලයක් තුළ බැස සිටින බව කේ.ආර්.රංජිත් කූමාර මහතා අප සමග පැවැසීය.

යුද හමුදාවේ සේවය කළ රංජිත් දරුවන් තිදෙනකුගේ පියෙකි. 2014 අවුරුද්දේ  වකුගඩු රෝගය වැළඳුණු ඔහු 2015 අවුරුද්දේ ඉඳලා මේ දක්වාම ලේ මාරු කරන බව  අප හා පැවැසීය.

දිනකට ජලය පානය කිරීමට අවසර තිබෙන්නේ ලීටර් භාගයක් බවත් උදේට, දවල්ට, රෑට, බොන්න තිබෙන බෙහෙත් ටික බී ගන්නත් ඒ වතුර ටික මදි බව ඒ මහතා කියා සිටියේය.

සිරුරට දනෙන රස්නය  මට දරා ගන්න බැරි කම නිසාම තමා මෙසේ දවසේ වැඩි වේලාවක් වතුර පිරුණු බැරල් ඒකට බැස සිටින බවත් රාත්‍රී කාලයේ නින්ද යන්නෙත් නැහැ. දැඩි උණුසුම දරා ගන්න බැරි කම නිසයි  වතුරට බැහැලා ඉන්නවා යැයි කීය.



අදහස් (4)

සිරුරේ රස්නය නිවා ගන්න ජල බඳුනක ගත කරන ජීවිතය

Andrew Thursday, 01 September 2022 09:35 AM

සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න.

:       0       0

පුරවැසියෙක් Thursday, 01 September 2022 12:58 PM

තෙරුවන් සරණින් ඉක්මණින්ම ඔබතුමාට සුවය ලැබේවා. ඔහොම ඉන්න ගමන් බුදුගුණ සිහිකරන්න. ඔබ‍ට ඉක්මණින්ම හොඳ වෙනසක් දැනෙයි. ලෝකවාසී සියළු සත්වයෝ සුවපත් වේවා, දුකින් මිදෙත්වා...!

:       0       0

Nuwan Thursday, 01 September 2022 01:08 PM

ඇනෙ කිසිම දේශිය හො අයුර්වෙද වෛද්ව‍යරයෙක් නැතිද මෙ මිනිසාව සුවකලහැකි.

:       0       0

wedage Thursday, 01 September 2022 03:57 PM

ගඩොල් වලින් ටිකක් පලල ටැන්කියක් ගැබුර ප්‍රමානයට සකස් කොට ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site