IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සූර්ය බල සන්ධාන ගිවිසුමට ලංකාවත් අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුවට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සූර්ය බල ශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය පිහිටුවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර රටවල් 54ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර ඇත. 

ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් 25,000 ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වේ. සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයට අදාලව සුර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන (STAR - C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙතින් අත් කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

ඒ අනුව, බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2024/25 මූල්‍ය වර්ෂයේ සිට ඇමෙරිකා ඩොලර් 25,000 ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම.

*ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR-C) පිහිටුවීම.

*රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව ' ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර අත්සන් තැබීම.

 



අදහස් (1)

සූර්ය බල සන්ධාන ගිවිසුමට ලංකාවත් අත්සන් කරයි

Abeysiri Tuesday, 11 March 2025 01:06 PM

වර්තමාන ආණ්ඩුව ගත් ඉතාම හොඳ ක්‍රියාවක් මේක. අනිකුත් සංවර්ධිත රටවල්වල දැනුම සහ තාක්ෂණය වර්ධනය කර ගැනීමට මෙමගින් හැකි වේ. දැන් අපිට පුළුවන් ඉහළ තාක්ෂණයත් අඩු පිරිවැයකිනුත් යුතු සෝලා ව්‍යාපෘතිය දියුණු කරන්න

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site