IMG-LOGO

සැරයන් ගංජා සමග අල්ලයි

ගංජා කිලෝ එකක් සමග වව්නියාවේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.



අදහස් (0)

සැරයන් ගංජා සමග අල්ලයි

චමින්ද Saturday, 03 May 2014 03:40 PM

සිවිල් ඇදුමෙන් සිටියත්, නිකන් කියලා බලන්න තිබුනේ "මමත් ඔහෙලගේම රැහේ කෙනෙක්" කියලා. සමහර විට එහෙම කිව්වනම් පොඩි ශේප් එකක් දා ගන්නත් තිබුනා.(නදී)

:       0       0

මානගේ Sunday, 04 May 2014 09:39 AM

මධුභාෂිනී, ඔය අමතර පිහිට කියන දෙය මොන විදියට තේරුම් ගත්තද කියන්න මම දන්නේ නැහැ.රජයේ ගුරුවරු අමතර පන්ති දමා උගන්වන්නේ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕනෙද? එක පවුලකට මාසෙකට 50,000 ක් නැතුව අද තියෙන තත්වයෙන් ජීවත් වෙන්න අමාරු නිසා තමයි "අමතර" පැත්තට හිත යොමු වෙන්නේ. කොයි රජයේ සේවකයටද එතරම් වැටුපක් ලැබෙන්නේ.ඔයාගේ වටපිටාව කොළඹ 7 ද කියන්න මම දන්නේ නැහැ.පොළොවේ පය ගහලා ජීවත් වෙමින් සිතන්න..(ස)

:       0       0

පිටිගල Saturday, 03 May 2014 04:59 PM

මෙතුමා කොහෙන් හරි අත් අඩංගුවට ගත් ගංජා ටිකක් නැවත අත් අඩංගුවට පත් වෙලා වෙන්න බැරිද? නැතුව සාජන් කෙනෙක් මේ වගේ වැඩක් කරයිද? (ස)

:       0       0

මධුභාෂිනී Sunday, 04 May 2014 10:47 AM

මානගේ අයියා. කොළඹ 7 ඉන්න අය නිවැරදි මග යමින් ජිවිතයට සැහැල්ලු ලෙස මුහුණ දෙන මනුස්සයින්ද කියල මම දන්නේ නැහැ. මම නම් ගැමි පරිසරයක උපන් එහිම හැදී වැඩි එහිම සේවය කරන කෙනෙක්. ඉතින් මා දකින්නේ වැරදි දේ පිලිකුල් කරන ඥානවන්ත පිරිසක්. අයියාට මා කියන්නේ මෙයයි. ඔයාට බුද්ධිය තිබෙන බව පෙනෙනවා. නමුත් අයියා. ඔයාට අපේ ගමේ මිනිසුන්ට තිබෙන ඥානය නැහැ. ඒකයි කනගාටුව. මෙහෙම වෙන්නේ ඇයි කියා මම කියා දෙන්නම්. කිසිකමකට නැති ලංකා දේශපාලනය ඔලුවට අරගෙන වැරදි දකින්නටම තතනන මනසක් තිබීමයි අයියා. (ස)

:       0       0

සේනක සිරිවර්ධන Saturday, 03 May 2014 05:06 PM

මිනිස්සු ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද. කවුද දන්නේ මේ සැරයන්ට මොන තරම් ගෙදර දරුවන්ගේ ප්‍රශ්න තියනවද කියලා. කිසිම කෙනෙක් වැරදී කරන්නේ නැහැ ආසාවෙන්. මිනිස්සු අනාත වෙලා. වැරදී කරන්න එපා කන්න නැති උනත්. ඒක ලබපු මනුෂ්‍යත්වයට නරකයි. මේ ලෝකේ වැරදී කරන්න පුළුවන් මිනිස්සුන්ට පමණයි. සත්තු වැරදී කරන්නේ නැහැ. උන්ගේ ජාන වල වැරදී කරන්න හැදිලා නැහැ. නමුත් හොඳ කරන්න දන්නෙත් නැහැ, ඒකයි අපේ වෙනස. හරි, සදාචාරාත්මක තීරණ ගත යුතුයි. වෙසක් ආසිරි! (නදී)

:       0       0

උඩුරාවණ Saturday, 03 May 2014 06:13 PM

දවසක් වැල්ලම්පිටිය හන්දියේදී මගේ හිතවතෙකුගේ කාර් එකක් තරුණ පොලිස් රාළහාමි කෙනෙක් නතර කළා. යාලුවා කල වරද කහ එලිය දැල්වෙද්දී වාහනය ඉදිරියට පැදවීමයි. වරද පිළිගත් මගේ යාලුවා රාලහාමිට කිවා අලුතින් පොලිසියට බඳවාගන්නා රාලාහාමි කෙනෙක් මේ වගේ ජරා වැඩ කරන්නේ නැහැ. පරණ සාජන් කෙනෙක් නිසා තමයි මෙහෙම අහුඋනේ.(නදී)

:       0       0

හේරත් Sunday, 04 May 2014 01:13 PM

අනේ මන්දා පුරුදු රැකියාව කරගෙන හිටියනම් මොකද වෙන්නේ ? (ස)

:       0       0

මානගේ Saturday, 03 May 2014 08:57 PM

රාජ්‍ය සේවයේ යථාර්තය තමයි, මේ ටිකෙන් ටික එලියට පනින්නේ. මෙයාලට වර්ජන සහ ඉල්ලීම් තහනම්. ජීවත් වෙන්න අමතර පිහිටක් සොයන ක්‍රමය තමන්ගේ රැකියාවට අදාලව තමයි සිද්ද කරන්නේ මේකේ අරුමයක් දකින්න බැහැ. යථාර්තයට මුහුණ දීම හැර (ස)

:       0       0

මධුභාෂිනී Saturday, 03 May 2014 09:18 PM

මානගේ අයියා. ඔයා යතාර්ථය ලෙසින් තෙරුම් අරන් ඉන්නේ නීති විරෝධී ක්‍රියාවන් කිරීමද.? මා දන්නා රාජ්‍ය සේවයේ එවැනි යථාර්තයක් නම් නැහැ.ආරක්ෂක අංශ වලට වර්ජන තහනම් වීම ඔබ දන්නේ ලඟදි වගේ. ලෝකයේ කිසිම රටක එයට ඉඩ දී නැහැ. ජිවත් වෙන්න අමතර "පිහිටක්" සොයන මිනිසුන් සමාජයේ නැහැ. මගේ වටපිටාවේ ඉන්නේ, මා ඇසුරු කරන්නෙත් නිවැරදි මග යමින් ජිවිතයට සැහැල්ලු ලෙස මුහුණ දෙන මනුස්සයින් පමණයි. (ස)

:       0       0

ගිහාන් Sunday, 04 May 2014 02:53 PM

ජරාව කන මනුස්සයෙක් ජරාම වැඩක් කරලා. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 02:23 PM

මිට වඩා හොදයි අසුචි ගොඩක් කෑව නම්. මුළු නම්බුවම ගඳ ගස්ස ගත්තනේ. (ස)

:       0       0

පිටිගල Saturday, 03 May 2014 10:07 PM

ඔය කිලෝ එකක් එක්ක අහු උන හාල් මැස්සෙක්. හොන්ඩර ගණන් ගිලපු තෝරු මෝරු අහු වෙන්නෙත් නැහැ,පෙනෙන්නෙත් නැහැ. පොලිසියට චීනක් කන්නාඩි අරන් දෙන්න ඕන. කිසි දෙයක් හරියට පෙන්නේ නැති නිසා. අර අලි කේස් එකත් පොලිසිය වගකීම් පැහැර හැරලාද කියලා පරීක්ෂණයක් කරනවා කියන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site