IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුරාබදු කුඩු වැටලීමට බාධා කළේ කවුද - අධිකරණය විමසයි

(නිමන්ති රණසිංහ)

බම්බලපිටියේ  හොරොයින් වැටලීමකට ගොස් සිටියදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් හත් දෙනා සම්බන්ධයෙන් නිතිපතිවරයාට දැනුම් දී උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දැනුවත් කර නිත්‍යානුකූල වැටලීමකට ගිය මෙම සුරාබදු නිලධාරින් සිව් දෙනා වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් කව්දැයි අධිකරණයෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම නිලධාරින්ගේ නාමලේඛණයක් එම දෙපාර්තමේන්තුව අධිකරණයට ලබා දුන් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ දකුණ භාර සහකාර පොලිස් අධිකාරී, බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, එම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, එම පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් වන නාමලේඛණ්‍යක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා අද (09) මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් 07 වැනිදා සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට අදාළ ප්‍රධාන සැකකරුවකුට පලා යාමට අවස්ථාව සලසා දෙමින් සුරාබදු නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එම නිලධාරින් අත්අඩංගුවට ගෙන ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා ගැනීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කළ බවට සදහන් කරමින් සුරාබදු ස්ථානාධිපතිවරයා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බම්බලපිටිය පර්ල්බීච් හෝටලය ඉදිරිපිටදී ඉකුත් 07 වැනිදා පෙරවරුවේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සී ඒ සී 8878 දරන කාර් රථයෙන් හොරොයින් සමග සිටින පුද්ගලයන් දෙදෙනකු ගැන තොරතුරක් ලද බවත් සුරා බදු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (9)

සුරාබදු කුඩු වැටලීමට බාධා කළේ කවුද - අධිකරණය විමසයි

Perera Wednesday, 09 August 2023 11:48 PM

දේශබන්දු වැඩ ඕවා

:       1       2

sundari Thursday, 10 August 2023 01:50 AM

අපේ රට හරි වෙනස් එකක් නේ . එකම කාර්යයට රාජ්‍ය ආයතන එකකකට වඩා පිහිටුවා තිබීම එම වෙනස්කම් අතර පළමු වැන්නයි . නිල ඇඳුම් අඳින හා ආයුධ භාවිතා කිරීමට බලය ඇති ආයතන වල සිටින සමහරුන් අනෙකුත් ආයතන අතර අප්‍රකාශිත ඊරිසියාවක් පවත්වාගනිමින් මමයි ලොක්කා බව පෙන්වීමට දැඟලීම තවත් එකකක් . මෙතන වැරදි කරුවන් කවුරු උනත් ඒ අයට උපරිම දඬුවම් ඉක්මනින් ලබාදීමට බලධාරීන් කටයුතු කලොත් මේ විහිලු ඉදිරියේදී ඇති නොවනු ඇත.

:       0       5

Gunendra Thursday, 10 August 2023 01:28 PM

නියම සත්‍ය

:       0       0

කොස්තාපල් අන්දමන්ද Thursday, 10 August 2023 06:40 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා කියමනක් තියෙනවා .පොලිසියේ වැඩ මෙහෙම නම් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩ පවත්වන්නෙ කොහොමද

:       0       4

lankaputha Thursday, 10 August 2023 07:28 AM

දේශය බඳු පොලිස් කෙනෙක්

:       1       2

Lalla Thursday, 10 August 2023 08:21 AM

ඕක පොලිසියේ ජොබ් එකනේ. කවුරුහරි දේශපාලුවෙක්ගේ බඩු වෙන්න ඕන. පොලිසිය පාලනය කරන්නේ පලාතේ දේශපාලන බලවතා නේද? රාජපක්ෂ ක්‍රමය තවමත්.....

:       0       4

Deshabandu Thursday, 10 August 2023 09:29 AM

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගෙන්, අපරදකරුවන්ගෙන් පොලිස් නිලදාරින්ට කිසියම් මුදලක් ලැබෙනවානම්, එම අපරාද මුදලින් යැපෙන ඔවුන්ගෙ පවුලෙ උදවිය අඹු දරුවන් ලජ්ජා විය යුතුයි.

:       0       1

C.K.Lsnkaputhra Thursday, 10 August 2023 09:31 AM

දැන් තේරෙනව නේද කුඩු සහ මත්ද්‍රව්‍ය වල පේරන්ට්ස්ල කවුරුද කියල. කොලබට අදිපති මහ එකා තමයි කුඩු ලෝඩ්. මේක අර මහ පුටුවෙ වාඩි කලොත් අපිට කාගේ සරණද?

:       1       17

අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 11:10 AM

කොල්ලුපිටිය බම්බලපිටිය කියන්නේ හාමුගේ ඒරියා එකනේ, කවුද මේ දවස්වල උන්නැහේගේ අවසර නැතුව වටලන්න යන්නේ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site