IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

(ඩයනා උදයංගනී)

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ රන් ආභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

රෝහල අවට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙසේ පැමිණ රෝගීන් සතු දෑ සොරාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇතැමුන් රෝහලේ සාත්තු සේවකයන් මෙන් සැරසී පැමිණ සොරකම් කරන බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

දිනපතාම පාහේ මෙලෙස සොරකම් වාර්තා වන නිසා රෝහලේ දැනට පවතින පොලිස් මුරපොල වෙනුවට පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි ඉල්ලා රෝහල් බලධාරීන් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, ඔවුන් මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ නිසා රාජකාරී බහුල බව කියමින් ඔවුන් එය මගහරින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් මහජන ආරක්‍ෂාව භාර ඇමතිවරයාගෙන් ද රෝහලේ ආරක්ෂාව තහවුරු කරදෙන මෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

රෝහල් ඇතැම් කනිෂ්ඨ සේවකයන් ද මෙම සොරකම් සඳහා සහය දක්වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට දිගින් දිගටම පැමිණිලි කළත් තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ද හෙතෙම පැවසීය.

මේ වන විට රෝහල් සේවකයන් විසින් සොරකමේ පැමිණි කිහිපදෙනකු අල්ලා පොලීසියට භාර දී තිබෙන බව ද එම ප්‍රකාශකයා කීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. වික්‍රමසිංහ මහතා පැවසුවේ රෝහලේ වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් සතු දෑ සොරාගෙනයාමේ සිදුවීම් විටින් විට වාර්තා වන බවත්, එම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් පැමිණ තොරතුරු සටහන් කරගෙන ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සොරකම් කරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද නැතහොත් වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක් ද යන්න තමන් නොදන්නා බව ද අධ්‍යක්‍ෂවරයා කීවේය.



අදහස් (0)

සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site