(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තිකරුට් විදෙස් ගමන් තහනමක්ද ඊයේ (06) පැනවීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කුලී පදනම මත වාහන ලබා ගෙන මණ්ඩලයට රුපියල් ලක්‍ෂ 68 කට අධික අයුතු අලාභයක් වන අන්දමට කටයුතු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.
2006 අගෝස්තු සහ 2007 මාර්තු මාසය අතර කාලය තුළ කොළඹදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයට පාඩුවක් වන බව දැන දැනම මණ්ඩලයේ භාවිතය සඳහා ගත් වාහන සඳහා රුපියල් 13 68 000/-ක් මුදාහැරීමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී විත්තිකරුට එරෙහි චෝදනා පත්‍ර බාරදුන්නේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සිතාසියකට අනුව අධිකණයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගනිමින් රුපියල් 50 000/-ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන මැයි 4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
සරණ ගුණවර්ධනට ඇප: විදෙස් ගමන් තහනම්
සෙනෙවිරත්න Tuesday, 07 February 2023 05:57 PM
අනේ පව් ගෝඨාභයගේ පිහිටෙන් ගොඩයන්න හිටපු කෙනෙක්...
Perera Wednesday, 08 February 2023 07:56 AM
ඕවා මොන තහනම්ද? ඔහොම තහනමක් තියෙද්දී අවසර අරගෙන යස අගේට ජොලියක් දාන්න මේ ළඟදී රට ගියේ...
තවත් පින්න පාත්‍රයක් මහ ජනතා ඉදිරියට Wednesday, 08 February 2023 08:12 AM
මෛත්‍රිපාල සමඟ මෙයාටත් හැකිවේවි පින්න පාත්‍රයක් අරන් කොළඹ දුම්රිය පළ අසල වාඩිවී සිටින්න. දෙර තිබෙන මුදල් නම් එළියට එන එකක් නෑ.