නිට්ටඹුව හොරගොල්ලේ නිවාස සංකීර්ණයකට ඇතුළු වී රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අලාභයක් සිදු කිරීමේ නඩුවේ සැකකරුවන් වන ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රදේශිය සභවේ සභාපති ගිහාන් චින්තක අද අධිකරණයේ පෙනී නොසිටි නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඇම් වයි ඇම් ඉර්ෂඩීන් මහතා අද වරෙන්තු නිකුත් කළේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අශෝක වීරක්කොඩි, බී ඇස් කේ බුලත්සිංහල, එරික් සුසන්ත, ප්‍රදීප් මධුරංග, කාවින්ද එදිරිතිලක, චන්දික දුෂ්‍යන්ත, ලීල් ගුණසිංහ, උපාලි සරත් කුමාර, අරුණ වරුසපෙරුම, අසිත මාන්නප්පෙරුම, අමර ලංකා තෙන්නකෝන්, හනීපා මොහොමඩ් නුලව්ප්ර්, මොහොමඩ් නෂිබ්දීන් හා තරංග ප්‍රභාත් යන සෙසු සැකකරුවෝ පහළොස් දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සරණටත් වරෙන්තු
උපාලි Friday, 10 October 2014 01:09 AM
වීරසිංහ මහත්තයෝ, අනේ අපි මේ සාමාන්‍ය මිනිස්සු හැටියට කොච්චර ප්‍රාර්ථනා කරනවද ඔහොම ප්රාතිහාර්ය සිද්ධවෙන්න කියලා, නේද? (නි)
සමන් Friday, 10 October 2014 02:04 AM
බලමුකෝ ඉස්සරහට වෙන දේ.... (නි)
ඉෂානි Friday, 10 October 2014 02:33 AM
කාටවුණත් ඔහොම තමයි වැරැද්දක් කළා නම් (නි)
දමිත් Friday, 10 October 2014 03:06 AM
මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනා (නදී)
මාලන් Friday, 10 October 2014 03:40 AM
මිනිසුන්ට මුල අමතක වෙන්නත්, හැමදාම නත්තල් නැහැ කියලා මතක් වෙන්නත් 20 අවුරුද්දක් ඇති. 1994 දී මේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් වල හිටියේ චුටි බබාලා. දැන් අවරුදු 20 -25 තරුණයෝ. ඒ තාත්තලාටත් පුතලාටත් අනිත්‍ය බව ඉගෙනගන්න කාලය දැන් හරි. මේ රටේ මිනිස්සු ජීවත්වෙන අමාරුව මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. (නි)
ගාමිණී Friday, 10 October 2014 04:10 AM
මෙයාගේ විස්තර ගම්පහ ජනතාවට රහසක් නොවේ. අනේ හරිම වැදගත් මහත්මයෙක්? (නදී)
රණසිංහ Friday, 10 October 2014 04:18 AM
මෙයාල වගේ අය තමා මේ ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ. ගම්පහ තවත් එක්කෙනෙක් ඉන්නේ දැන් නම් බුදු වෙන්න වගේ හදනවා බන කියා කියා එත් එයා කවුද කියල අපි දන්නවා. ඕව මොනවද පබාලත් දිනුවේ ගම්පහින්නේ. (නදී)
දිසානායක Friday, 10 October 2014 04:24 AM
කවුද අල්ලන්නේ ඔට්ටුවක් අල්ලමුද (නදී)
බංඩාර Thursday, 09 October 2014 03:45 PM
හෙට විනිසුරුතුමාට මාරුවක් දෙයිද? (නදී)
මංජු Friday, 10 October 2014 04:50 AM
ගම්පහට තියන අපලයක් තමයි (නදී)
කීර්ති Friday, 10 October 2014 04:51 AM
දේශපාලන පිළිල මුළුමුනින්ම දේශපාලනයෙන් ඉවත්කර දැමිය යුතු කාලය එළඹ ඇත. (නදී)
සෑම් Friday, 10 October 2014 04:52 AM
රටේ ඉහළම තැන සිට ලොක්කන් පවා වරෙන්තු කාරයින් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටින රටක වරෙන්තුවේ ඇති බලය මොකක්ද (නදී)
චමත් ඉතාලිය Friday, 10 October 2014 04:59 AM
විනිසුරුතුමාට කරදරයක් නම් වෙන්න එපා (නදී)
කසුන් Thursday, 09 October 2014 06:07 PM
කළ කළ දේ පළ පළ දේ... (නි)
වීරසිංහ Thursday, 09 October 2014 06:43 PM
වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න (නි)
මිගිද Thursday, 09 October 2014 07:56 PM
බොහෝදෙනාගේ නම් ඔවුන්ගේ චරිතය සමඟ ගැළපෙන්නේ නැහැ නේද? (නි)
අප්පුහාමි Friday, 10 October 2014 07:36 AM
මොන වැඩේ කළත් ඔවුන්ට නම් බයවෙන්න හේතුවක් නැහැ (නි)
චානක Friday, 10 October 2014 08:14 AM
රටක යම් පුද්ගලයෙක් දුෂණයන්, මංකොල්ලයන් කර තිබුනොත් කිසිම රක්ෂාවක් කිරීමට සුදුස්සෙක් වෙන්නේ නැහැ.විශේෂයෙන් රජයේ සේවයට ගන්නෙම නැහැ.අනේ ඒකට අපේ ලංකාවේ! (නි)