IMG-LOGO

සරාගී සම්මානය සඳහා වැඩිම නිර්දේශ නාමය Jacqueline Jossa

2016-06-03-ent-95

2016-06-03-ent-94හොලිවුඩයේ සම්මාන රාත්‍රීන් බොහෝමයක් තිබේ. එහිදී එක් පුද්ගලයෙකු විවිධ වූ සම්මාන සඳහා නිර්දේශ විය හැක. මෙහිදී Jacqueline Jossa නම් රංගන ශිල්පිනියගේ විශේෂත්වය වන්නේ ඇයව නිර්දේශ වූ සම්මාන රාත්‍රී 18න් 08ක්ම නිර්දේශ වූයේ Sexiest Female සම්මානය සඳහා වීමය. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඇයව සම්මාන උලෙළවල් 18ම සඳහා නිර්දේශ වූයේ එකම රූපවාහිනී කතා මාලාවක් ඔස්සේය. ඒ "Eastenders" නම් රූපවාහිනී කතා මාලාව සඳහාය.

මේ වන විට 23 වැනි වියේ පසුවන ඇය ලන්ඩනයේ උපන් අයෙකි. ඇය ලන්ඩනයේ රාජකීය විශ්වවිද්‍යාලය තුළින් සංගීතය පිළිබඳව හදාරා ඇත. ඇය දායක වූ EastEnders රූපවාහිනී කතා මාලාව ආරම්භ කරනු ලැබුවේ 1985 වර්ෂයේදී BBC One නම් රූපවාහිනී නාළිකාවේය. මැයට මෙම රූපවාහිනී කතා මාලාව සඳහා දායක වීමට අවස්ථාව හිමිවූයේ 2011 වර්ෂයේදීය. ඇය මේ වන විට මෙහි රංගනයෙන් දායක වන අතර, මේ සඳහා අවස්ථාව හිමිවූයේ ඇය සංගීත හදෑරූ රාජකීය විශ්වවිද්‍යාලය මගිනි. Jacqueline හට ඇති පියානෝ වාදන හැකියාව නිසා ඇයට මේ සඳහා රංගන වරම් හිමි වූ බව සඳහන් වෙයි.

මැය සම්මාන උලෙළවල් 18ක් සඳහා නිර්දේශ වුවත් කිරුළ හිමිවූයේ සම්මාන උලෙළවල් 3කින් පමණි. ඒ 2012 වර්ෂයේදී පවත්වනු ලැබූ National Television Awards හිදී Best Newcomer ලෙසත්, 2013 වර්ෂයේදී Inside Soap Awards හිදී Best Actress ලෙසත්, Inside Soap Awards හිදී Sexiest Female ලෙසත්ය.

ඇය Sexiest Female සම්මානය සඳහා නිර්දේශ වූ සම්මාන උලෙළවල් වන්නේ, 2012 වර්ෂයේ British Soap Awards, 2012 වර්ෂයේ Inside Soap Awards, 2013 වර්ෂයේද British Soap Awards, 2013 වර්ෂයේදී Inside Soap Awards, නැවතත් 2013 වර්ෂයේදී National Television Awards, 2014 වර්ෂයේදී British Soap Awards, 2014 වර්ෂයේ Inside Soap Awards සඳහාත්ය.

ඇය දායක වූ පළමු රූපවාහිනී කතා මාලාවට අමතරව ඇය 2006 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා "excited" නම් රූපවාහිනී වැඩසටහනක් සඳහා දායක වී ඇත. මැයට පසුගිය වර්ෂවලදී චිත්‍රපට සඳහා ආරාධනා ලැබී තිබුණත් ඇය ඒ සඳහා දායක වීමට අකමැත්ත පළකර තිබේ. ඇය විනෝදාංශයක් ලෙස රංගනය හැදෑරුවත් ඉදිරියට යාමට බලාපොරොත්තුවක් නොමැති බවයි සඳහන් කර ඇත්තේ. ඇයගේ බලාපොරොත්තුව වන්නේ තමන්ට හැකියාව ඇති පියානෝ වාදනය තුළින් යමක් කිරීමයි. ඇය ඉදිරියේදී පියානෝ වාදනය පමණක් ඇති සංගීත තැටියක් එළිදැක්වීමට නියමිතය. නමුත් මෙය අන්තර්ජාලයට එක් නොකරන බවද සඳහන් වෙයි. ඊට අමතරව ඇය කියා ඇති විශේෂ කාරණාව වන්නේ ඇය එළිදක්වනු ලබන පියානෝ තැටි ග්‍රැමෆෝන් තාක්ෂණයට අනුකූලව නිර්මාණය කරන බවයි. එය ග්‍රැමෆෝන් තැටිය මගින් එළිදැක්වීමට කටයුතු යොදන බවද සඳහන් වෙයි. කෙසේනමුත් ළාබාල රංගන ශිල්පිනියක් ලෙස මෙපමණ සම්මාන රාත්‍රීන් සඳහා නිර්දේශ වීම පිළිබඳව තමන්ට පුංචි ආඩම්බරකමක්ද ඇති බව කියවේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-03-ent-93
2016-06-03-ent-92



අදහස් (0)

සරාගී සම්මානය සඳහා වැඩිම නිර්දේශ නාමය Jacqueline Jossa

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 395 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site