IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සොරකම් කළ ලක්ෂ20ක දුරකතන සමඟ යුවළක් අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිය අනියම් බිරිද හා එක්ව යතුරු පැදියකින් ගොස් දුරකතන ඇමතුම්වල යෙදෙමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින්ගේ දුරකතන සොරාගත් පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාව ලක්ෂ විස්සක් පමණ වටිනා ස්මාර්ට් දුරකතන තිහක් සමගින් අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 29 හැවිරිදි කාන්තාවක් සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් ජංගම දුරකතන සොරා ගෙන පලා යාම සදහා භාවිතා කළ යතුරු පැදියද සැකකරුගේ මිතුරෙකුගෙන් සොරා ගෙන තිබූ බවද පොලිසිය පවසයි.

දැඩි ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇතැයි කියන මෙම යුවළ හෙරොයින් පානය සඳහා මෙලෙස නවීන ජංගම දුරකතනය සොරාගෙන විකුණා ඇතැයි ද අනාවරණය වී ඇත.
සැකකරුගේ අනියම් බිරිද බව කියන කාන්තාව හෙරොයින් ග්‍රෑම් පහක් සමගින් මාලබේ පිට්ටුගල ප්‍රදේශයේ දී පොලිසිය විසින් පලමුවෙන් ම අත් අඩංගුවට ගෙන ඇති බවත් එහිදී සිදුකළ  ප්‍රශ්න කිරීමේදී මෙම ජංගම දුරකතන සොරකම පිළිබදව අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුගේ නීත්‍යානුකූල භාර්යාව ද කහන්තොට ප්‍රදේශයේ කුලී නිවසක නවත්වා අනියම් බිරිද ද එම ප්‍රදේශයේ ම කුලී නිවසක නවත්වා ගනිම්න් මෙලෙස ජංගම දුරකතන කොල්ලකෑම සදහා අවශ්‍ය අවස්ථාව වලදී කටයුතු කර ඇතැයි කඩුවෙල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
සැකකරු ටැටූ ශිල්පියෙකු ලෙස කලක් කටයුතු කර ඇති අතර පසුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් පසු මෙලෙස සොරකම් සදහා පෙළඹී ඇතැයි ද අනාවරණය වී ඇත.
 



අදහස් (0)

සොරකම් කළ ලක්ෂ20ක දුරකතන සමඟ යුවළක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site