(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකට අදාලව පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු අද (13) පස්වරුවේ මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂණ අතරතුර ලද ප්‍රකාශයක් මත පොලිස් නිළධාරීන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.
මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක අත්අඩංගුවේ පසුවන සැකකරුව මීට පෙර පානදුර මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර , එහිදී සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රණ්භාණ්ඩ තොගයට වඩා වැඩි ප්‍රමාණයක් පානදුර මූලස්ථානය පොලිසිය වෙත භාරදුන් බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇතැයිද සදහාත් වේ.
ඒ අනුව සැකකරු ප්‍රකාශ කරන පරිදි ඔහු සන්තකයේ තිබූ රණ්භාණ්ඩ පානදුර අපරාධ අංශ නිළධාරීන් දෙදෙනා සිය සන්තකයේ තබාගෙන ඇති බවට ලද සැකය මත පොලිස් නිළධාරීන් දෙදෙනා භාරයට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරකුගේ ප්‍රකාශයකට පානදුර පොලිසියේ දෙකකගෙන් ප්‍රශ්න කරයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 February 2023 07:44 AM
මේ නිලධාරීන් දෙදෙනා සතුව රන් භාණ්ඩ තිබේ දැයි පරීක්ෂණ අවසන් වන තුරු කියන්නට බැහැ. ඒ නිසා එම නිලධාරීන් තවමත් සැකකරුවන් පමණයි.ඒත් මේ රටේ බොහෝ දෙනා දැනටමත් මොවුන් දෙදෙනා වරදකරුවන් කොට ඇතැයි සිතන්නට පුළුවන්.මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් මත මා දන්නා දෙයක් තිබෙනවා.හොරුන් අපරාධකරුවන් පාතාලයන් මංකොල්ල කරුවන් අවංක පොලිස් නිලධාරීන් සමග අමනාපයි.වෛරයි.ඒ නිසා මුදලට අල්ලසට යටකළ නොහැකි අවංක නිලධාරීන් අමාරුවේ දැමීමට මේ වැනි බිහිසුණු චෝදනා අතීතයේ දී ගෙන ආ අවස්ථා තිබුණා. එසේ හෙයින් පරීක්ෂණ කරනා නිලධාරීන් මේ සැකය ඔස්සේද පරීක්ෂණ සිදු කිරීම වැදගත් වන්නේ ය. අප පොලීසියේ වැරදි හා අඩුපාඩු නිතර නිතර පෙන්වා දුන්නත්, අවංක පොලිස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීම අපගේ අභිප්‍රායයි.
Sisira Tuesday, 14 February 2023 10:15 AM
පොලිසිය හොරා වෙලා