IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘සියලු පාසල්වලට සමානව සලකනවා‘

දිවයිනේ සියලූ පාසල්වලට සමානව භෞතික හා මානව සම්පත් ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කිරීම වත්මන් රජයේ අරමුණ යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රටක් ලෙස පෙරට යාමේ දී අන්තවාදය අවුස්සන නායකයින් නිසා අර්බුදයට ලක්වූ හා භේද අමතක කර සංවර්ධනය ළඟා කරගත් රටවලින් ආදර්ශ ගෙන කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විද්‍යාලයේ දී අද   පැවති   වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වි‚.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් ඊට එක්වූහ.

_DSC0277 _DSC0301 _DSC0311 _DSC0342 _DSC0366 _DSC0390 _DSC0414



අදහස් (0)

‘සියලු පාසල්වලට සමානව සලකනවා‘

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 27 February 2016 01:22 PM

අම්මෝ! එහෙනම් ලොකු ලොකු ඉස්කෝල වලත් කැකිරි බෙදාවී. ගමටත් අහම්බෙන් හරි කිරි ටිකක් ලැබේවි. අනේ වාසනාවන්! ඒත් ඉතින් කුලී වැඩ කරනා සමහර තාත්තලාගේත්, අම්මලාගේත් දවසක කුලියක් නැතිකරගෙන තමා වවුචරය ගන්න යන්න වෙලා තියෙන්නේ. එදාට අපි බඩගින්නේ. (නි)

:       0       0

ගයාන් Saturday, 27 February 2016 02:39 PM

ගරු ඇමතිතුමනි, සබරගමු පළාත් සභා පාසල් ගුරුවරුන්ට පළාත් ලේකම්ලාගෙන්, කලාප අධ්‍යක්ෂකවරුන්ගෙන් සිදුවන අසාධාරණ සොයා බලන්න මැදිහත් වන්න. (නි)

:       0       0

අසෝකා Saturday, 27 February 2016 02:47 PM

අනේ මහත්තයෝ, ඔබතුමාගේ මේ අදහස ඉෂ්ට වේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි පුළුවන් නම් ඔය විශාඛා, රෝයල්, වගේ පාසලක ඉන්න එක ගුරුවරයෙක් හරි ගම්බද පාසලකට පුළුවන් නම් මාරුකරන්න බලන්න. එහෙම කළොත් නම් ගමේ පාසලත් ඒ මට්ටමට ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. (නි)

:       0       0

කලණි විතානගේ Saturday, 27 February 2016 01:56 AM

ළඟම පාසල හොඳම පාසල නම් සංකල්පය ඉදිරියට ගෙනියන්න. ඔබතුමාගේ කාලය තුළ එම අදහසෙන් 51%ක් ඉටු කළොත් හැම පාසලකම ඔබේ පිළිරුවක් හැදෙයි. (නි)

:       0       0

මුණසිංහ Saturday, 27 February 2016 02:17 AM

අලුත් චක්‍ර ලේකයක් තියෙනවා ගුරු තුලනය ගැන. නියමයි. එක උදාහරණයක් දෙන්නම්. උසස් පෙළ කලා විෂය ධාරාව තිබෙන පන්තියකට ගුරුවරු 2 යි අනුමත. අපේ පැත්තේ පාසලක මේ එක පන්තියේ විෂයන් 12ක් උගන්වනවා. (නි)

:       0       0

බන්දුල Saturday, 27 February 2016 02:35 AM

මුණසිංහ කියන විදියට විෂයන් 12ක් ගුරුවරු දෙදෙනෙක් උගන්වන්නේ කොහොමද? (නි)

:       0       0

විපුල Saturday, 27 February 2016 08:55 AM

මේවා කතා විතරයි. මේ අයවැයේලු අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වෙන්කළේ. ඒ වුණාට මේ අවුරුද්දෙත් දෙමවුපියන්ගේ සල්ලි වලින් තමයි පන්ති හා ඩෙස්ක් පුටු වල පාට ගෑවේ (නි)

:       0       0

රුවන් Saturday, 27 February 2016 09:15 AM

පහසුකම් අඩු පාසල් වැඩියෙන් දියුණු කිරීමෙන් ළමයි ඇතුළත්වීම වැඩිවෙනවා. එතකොට පහසුකම් තිබෙන පාසල් වල පහසුකම් ඉබේටම වැඩිවෙනවා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 26 February 2016 03:33 PM

ඔය කරන්න බේරී පොරොන්දු දෙන්නේ නැතුව හැම පාසලකම තිබිය යුතු අවම අත්‍යවශ්‍ය පහසුකම් ටික දෙන්න, අඩුගානේ නම වෙනස් කරලා හරි මහින්ද්යෝදය විද්‍යාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගන්න.(ර)

:       0       0

අප්පුහාමි Friday, 26 February 2016 07:08 PM

ඔය සුරංගනා කතා කියලා මිනිස්සු රවට්ටපු කාලේ දැන් පහුවෙලා. යවන්න බලන්න ලියුමක් ඔය හැම ගමේ පාසලටම මොනවද ඔබට උවමනා කියලා. උත්තර ටික බැලුවොත් ඔබතුමා උඩ වීසිවෙයි. (නි)

:       0       0

යෝනක Friday, 26 February 2016 09:32 PM

දැන් කතා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site