ගම්පහ දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින්ගේ සහෝදරත්වයේ සංකේතය වන 'සියනෑ ජැම්බරේට් 2015' දිසා බාලදක්ෂ රැළිය අද හේනේගම මධ්‍ය මහා විද්‍යාලය භූමියේදී උත්කර්ෂවත් අයුරින් ඇරඹිණි.
ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මෙය සංවිධානය කළ අතර බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා විය.
බාලදක්ෂයින් තුළ විනයගරුක බව, ආදර්ශමත් හැසිරීම, ජය පරාජය සමව දරාගැනීම, කුසලතා ඔප නැන්වීම හා තරුණ පරපුර තුළ බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි උනන්දු කරලීම මෙහි අරමුණ වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් 33 ක බාලදක්ෂයෝ දහසකට අධික පිරිසක් මෙයට එක් වුහ.
වසර කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ බාල දක්ෂයින්‍ෙගේ කුසලතා ඔප නංවීම උදෙසා ආරම්භ කළ 'සියනෑ ජම්බරේට්' දිසා කඳවුර මේ වන විට ප්‍රදේශයේ බාල දක්ෂයින් අතර ආකර්ෂනයක් දිනා ඇති අතර එය මෙවර නව මුහුණවරකින් පැවත්වෙයි.
ගම්පහ දිසාවේ බාලදක්ෂයින්ගේ දස්කම් විස්කම් සමගින් අද සිට දින හතරක් සියනෑ බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අතර මෙහිදී බාලදක්ෂයින්ගේ ආදි කතෘ බේඩන් පවල් සාමිතුමාගේ ජන්ම දිනයද මෙම ජැම්බරේටයේදිම සැමරීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, නියොජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශිරාස් සාලි, දිසා බාලදක්ෂ කොමසාරිස් ආර්.පී.එස්.පී ගුණසේකර, සහය දිසා කොමසාරිස් ප්‍රභාත් එස් රත්නායක යන නිලධාරීහුද සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියනෑ බාලදක්ෂ ජම්බෝරිය
කුරුප්පු Saturday, 21 February 2015 12:42 AM
මේ පිට්ටනියේ තණකොළ නැහැනේ (නදී)
බාලගේ Saturday, 21 February 2015 04:30 AM
සුබ කදවුරු දිනයක් වේවා... (නදී)
ප්‍රබූ Saturday, 21 February 2015 06:31 AM
සුබපැතුම් දුවේ පුතේ සියලු දෙනාට..මාගේ ගමන් මග ලෝකයට විවර කල හේනේගම විදූ මවුනි..ඔබට දීර්ගායු වේවා..(නදී)