IMG-LOGO

සයිකල් සිකුරාදාවක් ප්‍රකාශයට පත්කරයි

(ඩයනා උදයංගනී)

සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර‍ ගෙන ඇත.

ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝබර් 31 වැනිදා මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර එදින සිට සෑම සිකුරාදා දිනකම අධිකාරියේ සේවකයන්ට පා පැදියෙන් රාජකාරියට වාර්තා කිරීමට පහසුකම් සලසන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

''සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු' තේමාව යටතේ මෙම පැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේදී ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතය.

පා පැදියෙන් සේවයට එන පිරිස් දිරිගැන්වීම සඳහා පා පැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පා පැදි සංසදයේ සාමාජිකත්වය ලබාදීම, පා පැදි නතර කිරීමට අමාත්‍යාංශයේ වෙනම ස්ථානයක් වෙන්කිරීම හා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම මෙන්ම එම දිනයේදී සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම ද සිදුකෙරෙන බව ප්‍රසාද් රණවීර මහතා කීවේය.

පරිසරය ආරක්ෂා කිරීම, නිරෝගී පුරවැසියන් පිරිසක් බිහිකිරීම හා මාර්ග තදබදය අවම කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත.

පා පැදියෙන් පැමිණෙන පිරිස් වෙනුවෙන් බස් නැවතුම්පල, දුම්රියපල ආදී ස්ථානවල පා පැදි නැවැත්වීමේ පහසුකම් ඇතිකිරීම, පා පැදි සඳහා වෙනම මංතීරු ඇතිකිරීම ආදී කටයුතු ද ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය. 



අදහස් (4)

සයිකල් සිකුරාදාවක් ප්‍රකාශයට පත්කරයි

ravin Friday, 28 October 2022 02:10 PM

හොඳ වැඩක්.. හැබැයි උත්සවේ ප්‍රධානියාට ලොරි ටයර් තියන බයිසිකලයක් ගත්තොත් තමයි හොඳ. පොදුජනයා භාවිතා කරන බයිසිකලයක් නම් පිටිපස්සේ රිම් එක ඇදවෙනවා ශුවර්මයි.

:       0       12

SL Friday, 28 October 2022 02:23 PM

මාසෙකට පෙට්‍රල් ලීටර 1500ක් පුච්චන්, V8 වල දියවන්නාවට ගිහින් පිස්සු කෙලින, රට මේ තරම් විපතකට පත් කළ අම්බරුවන්ට මේක අදාළ නැතිද?

:       0       13

විපරමා Friday, 28 October 2022 03:43 PM

දියවන්නාවට එන දූෂිත දේශපාලුවන්ටත් මේ නීතිය වලංගුද? තෙල් මිල වැඩිවුණා කියලා විපක්ෂයේ ඉන්න කොට මහින්ද ඇතුලු සමහර දේශපාලුවන් බයිසිකල් පැදගෙන ආවා...!

:       0       7

මහසෙන් Friday, 28 October 2022 06:44 PM

හොඳටම හොඳ වැඩක්. පුද්ගලික රාජ්‍ය සැමට පුළුවන්. සියලු බේද පසෙක තබා නීරෝගීතාවය ගැන සිතමු. නගර පුරා බයිසිකල් රෑන් ලස්සනයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site