IMG-LOGO

සම සුව පට දරුවනට ගුරු සංගම් සහය

සිව් අවුරුදු සම සෞඛ්‍ය විද්‍යා උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව සති කිහිපයක් තිස්සේ කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයන් පවත්වන අඛණ්ඩ උපවාසයට සහය දක්වන බව ගුරු සංගම් නායකයෝ කියති.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ  මහත්වරුන් කියනුයේ හැකි ඉක්මණින් මෙම ගැටළුවට විසඳුම් ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවයි.

 



අදහස් (0)

සම සුව පට දරුවනට ගුරු සංගම් සහය

අභය Monday, 28 April 2014 06:43 AM

එතකොට සනීපාරක්ෂක කම්කරුවන් අවුරුදු පහක උපාධියක් ඉල්ලුවොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේක වැරදි විධියට පඩි වැඩි කරන උත්සාහයක්. (නදී)

:       0       0

දර්ශන Monday, 28 April 2014 07:37 AM

ලෝකයේ කිසිම රටක් අනිත් රටවල් වල සෞක්‍ය වෘතිකයින් පිළිගන්නේ නැහැ. ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, හොංකොං ඇතුළු රටවල් කිහිපයක උපධිධාරින් ඇරුනම අනික් සෑම රටකම උපාධිධාරීන්ට බටහිර රටවල වැඩ කරන්න ඔවුන්ගේ රටේ විශේෂ පාඨමාලා සහ කඩ ඉම් විභාග ලියා සමත්වීම අවශ්‍ය වෙනවා. මේ සියල්ලටම කලින් මෙම පාඨමාලාව ඒ ඒ රටේ වෛද්‍ය සභා මගින් පිළිගන්න නම් ඔවුන් සළකා බලන්නේ පාඨමලාවේ කාලය නොව එහි විෂය සංයුතියයි. දැන් ලෝකේ මොන රටේද මේ පාඨමාලාව අවරුදු 4ක් කලොත් පිලිගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ? බලන්න අපේ රටේ හෙදියෝ ලෝකේ හැම රටකම වැඩ කරනවා ඔවුන්ට තියෙන්නේ වසර 3 ක ඩිප්ලෝමාවක් විතරයි. පුළුවන් ඉක්මනට උපාදිය අරගන්නේ නැතුව තව අවුරුද්දක් කාලය දික්කරගෙන කරන්න යන දේ වටහා ගැනීමට අපහසුයි.(නදී)

:       0       0

විමල් Monday, 28 April 2014 07:47 AM

මම නම් කියන්නේ මෙතන තියෙන්නේ තනිකරම ඉරිසියාව. දොස්තරලට රටයන්න හොඳනම් නර්ස්ලට රට යන්න හොඳ නැත්තේ කොහොමද ? උගත්කමට වටිනාකමක් දෙන්න මෙතරම් කල්මරන්නේ හිතේ තියෙන ඉරිසියාව මිසක් වෙන මොකක්ද ? (නදී)

:       0       0

විමල් Monday, 28 April 2014 07:54 AM

මෝඩ තර්ක දාන්න එපා අභය. කම්කරුවෝ උපාදිය ඉල්ලන්නේ මොන රටේද ? කම්කරු උපාධිය තියෙන්නේ මොන රටේද ? ලංකාවේ හැර බොහෝ රටවල නර්ස්ලට උපාදිය තියෙනවා. එම නිසා ලංකාවේ නර්ස්ලට විදේශ රටවල රැකියා අවස්ථා නෑ. නර්ස්ල රට යනවා නම් තව රැකියා නැතුව ළමයි කොපමණ ඉන්නවද පුහුනුකරලා රටට විනිමය හොයාගන්න බැරිද ? (නදී)

:       0       0

ධසුලා Monday, 28 April 2014 08:07 AM

අද කාලේ නර්ස්ලා කරන්නේ සාත්තු සේවය නෙමේ. අද නර්සින් කරන්නේ සුළු සේවකයෝ. නර්ස්ලා බලන්නේ දොස්තරලාට සමාන වෙන්නේ කොහොමද කියලා. ඔලුව උදුම්මා ගත්ත වෘතිය සමිති කාරයෝ බලන්නේ කටුස්සගේ ඇගේ කොහොම හරි රත්‍රන් බලෙන් බන්ඳවා ගන්න.(නදී)

:       0       0

ගැමා Sunday, 27 April 2014 05:16 PM

සුජීව, මොකද මේ අයට පමණක් පිටරට යන්න හොඳ නැහැ කියන්නේ. එහෙමනම් කම්කරු, ගෘහ සේවිකාවන්ටත් පිටරට යන්න තහනම්ද? එම අයත් මෙම රටේ නිදහස් අධයාපනය ලැබූ අය නේද? ලංකාවෙන් පිට රට ගොස් ඉන්න අයගෙන් නේද වැඩිපුරම විදේශීය අදායම් ගෙනෙන්නේ? එසේනම් නර්ස්ල ටිකත් පිටරට ගොස් මොනව හරි කරලා එම අයටත් මුදල් ටිකක් සොයා ගත්තම මොකද වැරැද්ද? (නදී)

:       0       0

සුජීව පද්මකුමාර Sunday, 27 April 2014 06:03 PM

මහා බැංකු ලේඛන අරගෙන බලන්න වැඩිපුර මුදල් එවන්නේ ඉගෙන ගනිපු අයද නැත්නම් ගෘහසේවිකවන්ද කියල. http://qsum.org/ වෙබ් අඩවියට ගිහින් බලන්න මොරටුව විශ්වවිද්‍යාලයේ සියයට කීයක් ඔස්ට්‍ර්ලියාවේ සහ එංගලන්තේ ඉන්නවද කියල. හොයල බලන්න එක එක රටවල වාර්ශික සම්ප්‍රේෂණය කොපමණද කියල www.sbsl.lk වලට ගිහින් මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ඩව්න්ලෝඩ් කරගෙන.

:       0       0

කෝසල Sunday, 27 April 2014 07:35 PM

මම දන්නා විදිහට මේ ප්‍රශ්නේ ඇති කලේ ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිය. පාඨමලාවේ කාලය තේරුම් ගන්නේ නැතුව දික් කරගෙන සෞඛ්‍ය සේවයේ වෙන වෘතීන්ට බලෙන් සමානව පඩි ලබාගන්න වෙන සාදාරන ක්‍රමයක් නැති නිසා ඒවා ගැන දන්නේ නැති පොඩි දෙයටත් වීරයෝ වගේ ඉස්සරහට පැනල එන ළමයිව මේ ප්‍රශේන්ට පැටලුවා. කලින් අවුරුදු දෙකක් තිබ්බ පාඨමාලාව නර්ස්ලට සමාන කර ගන්න අවුරුදු 3ක් කලා. ඊට පස්සේ අවුරුදු 4 ක් කරන්න ඉල්ලනවා. කවුද කැමති වැඩිපුර කාලයක් කැම්පස් එකේ ඉන්න. ඔය උපවාස කරන ළමයින්ගෙන් අහලා බැලුවොත් කීදෙනෙක් දන්නවා ඇතිද ඔය හේතු.(නදී)

:       0       0

මධුර තිවංක Sunday, 27 April 2014 08:39 PM

කෝසල මේක ගැන මුකුත් දන්නෙ නෑ. මුලින්ම මේ පාඨමාලාව පටන්ගත්තේ අවුරුදු හතරක් විදියට. සම සෞක්‍ය උපාධිය ඇතුලෙ හෙද උපාධියත් තියනවා. කෙනෙක් යමක් ඉගනගත්තොත් ඒකට හරියන වැටුපක් ගෙවන්න ඕනා. වෙන දියුනු රටවල මේ උපාධිය අවුරුදු හතරක්. අපෙ රටට විතරක් වෙනසක් කරන්නෙ ඇයි.....? (නදී)

:       0       0

විමල් Sunday, 27 April 2014 03:04 PM

මෙම දරුවනට වසරහතරක පාඨමාලාවක ලබාදීමට ඉරිසියා කරන්නේ මොකද ? එලෙස සකසා දීම රජයේ යුතුකමක්. වසර හතරක පාඨමාලාවක් උපාදියක් වන නිසා පහසුවෙන් විදේස රටකට ගොස් රටට විදේස විනිමය ගෙනඒමට පුළුවනි. වසර තුනක පාඨමාලාවන් විදේශ රටවල් ගණන් ගන්නේ නැහැ. (දී)

:       0       0

අරුණ Sunday, 27 April 2014 09:42 PM

මධුර ඔබ හරි කෝසල දන්නෙම නැහැ මේක ගැන. මමත් විකිරණ ශිල්පියෙක්. අපේ කාලෙ තිබුනේ අවරුදු දෙකයි. මේක අවු 4 කරලා ඉතාම හොද වටිනා ලෝකය පිළිගත් උපාධියක් පිරිනමන වැඩේ ඇත්තටම අගයන්න ඕනේ. දැන් ඩිප්ලෝම ගණන් ගන්නේ නැහැ. ලෝකය දියුණුයි. අවු 3 කට සීමා කරන්න කියන්නේ අවු 4ට , විරුද්ධ වෙන්නේ නිලධාරී වාදයෙන් ඔලුව උදුම්මගත්ත දොස්තරලගේ සංගමය. හේතුව එයාලට වඩා අඩු එකේ අවුරුද්දයි. අනෙක පඩි ප්‍රශ්නය. අමු මෝඩ අදහස්නේ මේවා. රටට අවශ්‍ය උගතුන්. ලෝකය දෙස ඇස් ඇරලා විවුර්ත මනසකින් මේ දෙස බැලිය යුතුයි. දැන් ලෝකේ හැමතැනකම ඉල්ලන්නේ බි.එස්.සි. එම.එස්.සි. වගේ උපාධි. මෛත්‍රීපාල ඇමති තුමනි මෝඩ දොස්තරලට යට නොවී ඉක්මනට මේ ප්‍රශ්නය විසදන්න. (දී)

:       0       0

සුජීව පද්මකුමාර Sunday, 27 April 2014 02:56 PM

සම්පුර්ණ ඇත්ත විමල්. මේ අයටත් උවමණා රටින් පනින්න. නර්ස්ල ටිකටත් උපාදි ටිකක් දීල රටින් යවාගත්තහම සම සෞඛ්‍ය කෙසේ වෙතත් අපේ සෞඛ්‍ය නම් ඉවරයි. අපේ බදු සල්ලිවලට ඉගෙනගන්න කිසිම කෙනෙකුට රටින් යන්න දෙන්න නරකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 113 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 265 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site