මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයකුව සිටියදී එල්.ටි.ටි.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමට තැත් කළැයි සිර දඬුවම් ලැබ සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ සිවරාජා ජෙනිෆර් අද තම මව සහ පියා සමඟ පුදුකුඩිරුප්පුවට පැමිණ ජනපති හවූහ.
තම දරුවාට සමාව ලබාදීම සම්බන්ධයෙන් සිවරාජාගේ මව සහ පියා සිරිසේන මහතාට කෘතඥතාව පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාව ගත් පුතයි අම්මයි ජනපතිට පිං දෙති
අප්පුහාමි Sunday, 24 January 2016 04:22 PM
සමන්, ඔබේ අදහස තේරුම් ගන්න බැරි ලක්ෂ ගණනක් අපි අතර ඉන්නවා. හමුදාවට සමාව දුන්නොත් ඉතින් ඔය රස්සාව කරලා හමාරයිනේ! ඔතනට එන්න උදවු කරපු අය සතුටු කරන්න පුළුවන් කොටින්ට සමාව දීමෙන් පමණයි. (බ)
ඕමාන් සිල්වා Sunday, 24 January 2016 05:38 PM
අපේ රණවිරුවන්ටත් සමාව දෙන්නකෝ (නි)
සිරිමල් Sunday, 24 January 2016 06:00 PM
සමන්, අප්පුහමිලා වගේ අයට තේරුනාට ඕක බොහෝ සිංහලයන්ට තේරෙන්නේ නැහැ (නි)
සේනක Sunday, 24 January 2016 07:17 PM
සමන්, අප්පුහාමි, ඒ අය සදාකල් රණවිරුවෝ. සමාව දෙන්න ඒ අය වරදක් කරලා නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ උතුම් රණවිරුවන්ටත් නිගාදෙමින් නිල ඇඳුමෙන් අපරාධ කළ සුළු පිරිසක් නිසා මුළු හමුදාවටම කළු පැල්ලමක් ඇතිව තිබීමයි. වගකිවයුතු රජයක් ඒ පිළිබඳව සොයාබලා එවන් වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි. (නි)
හේමපාල Sunday, 24 January 2016 07:30 PM
ඇත්තටම ඔබ උතුම් කෙනෙක් (නි)
රජීව් Tuesday, 26 January 2016 04:14 PM
අපේ විරෝධාර හමුදා සොයුරන් එදා මෙයාව අල්ලාගත්තේ නැත්නම් අපිට පින් පමුණුවන්න තිබුණා. (බ)
අබය Sunday, 24 January 2016 10:07 PM
සමන්, ඔබේ අදහසට මගේ උත්තමාචාරය! (නි)
චන්දන Monday, 25 January 2016 02:56 AM
මරාගෙන මැරෙන්න ආ ත්‍රස්තවාදියාට සමාව දෙන්න පුළුවන් නම් තමන්ගේ රාජකාරියේදී ත්‍රස්තවාදීන් මැරූ හමුදාවට සමාව දෙන්න බැරි ඇයි? (නි)
සරත් Sunday, 24 January 2016 11:58 AM
සමාව දීම දේව ගතියක්... (ර)
නිහාල් Sunday, 24 January 2016 12:25 PM
අගේ ඇති වැඩක්. (ර)
බණ්ඩා Sunday, 24 January 2016 12:28 PM
සැමටම දුන් හොද ආදර්ශයක් ... (ර)
යසිරු Monday, 25 January 2016 04:15 AM
ඇත්තනේ ඉතින්, මොනතරම් සතුටක්ද? (නි)
නදුන් Sunday, 24 January 2016 12:33 PM
හොඳ දෙයක්. (ර)
සමීර Monday, 25 January 2016 05:07 AM
සතුටුයි නේන්නම්. කවුද හිතුවේ කවදාවත් මෙහෙම වෙයි කියලා. දැන් ඉතින් රටේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඔච්චරයි ප්‍රශ්නෙකට තිබුනේ. දැන් ඒකත් හරි (නි)
සුමිත් Monday, 25 January 2016 05:08 AM
සේනක, ඔයා හරියටම හරි. මමත් ඔයාගේ අදහසට ගරු කරනවා. අහිංසක මිනිස්සු මරන්න නිල ඇඳුම මුක්තියක් කරගන්න දෙන්න එපා. ජනපතිතුමනි, ඔය වගේම පහුගිය කාලේ හොරුන්ට දඬුවම් දෙන්න. (නි)
සාරංග Sunday, 24 January 2016 01:21 PM
හොඳ සද් ක්‍රියාවක්. (ර)
කීර්ති Wednesday, 27 January 2016 02:40 AM
මහත්මා ගති තිබෙන ලංකාවේ එකම මුල් පුරවැසියා (ම)
සුමේධ Sunday, 24 January 2016 01:54 PM
මේ නිදහස ලබා දීම අනුමත කරන්න බෑ.(හේ)
ගුණවර්ධන ගමගෙදර Sunday, 24 January 2016 02:33 PM
මා ගෞතම බුදුන් වහන්සේ" දේශනා කළ වදනක් මෙනෙහි කරගෙන ජනාධිපති තුමා ගත් මේ ක්‍රියාව සැමටම ලොකු ආදර්ශයක් (බ)
සමන් Sunday, 24 January 2016 02:45 PM
ජනාධිපති තුමනි මරාගෙන මැරෙන්න ආපු ත්‍රස්තවාදියාට සමාව දෙන්න පුළුවනි නම් තමන්ගේ රාජකාරියේ දී ත්‍රස්තවාදීන්ව මැරූ හමුදාවට සමාව දෙන්න බැරි ඇයි?මේ කොටියාගේ දෙමාපියන් වගේම ඒ සිරගත කර සිටින හමුදා නිළධාරීන්ගේ දෙමාපියන් දරුවන් සතුටු වෙනවා දකින්න ඔබ අකැමැති ද?කොටියා ආවේ මරාගෙන මැරෙන්න.හමුදාව කළේ රාජකාරිියක්.එදා හමුදාව මේ කොටියාව අල්ලා නොගත්තා නම් අද කොටියට සමාව දෙන්න ඔබ ඔතන නැහැ නේද? (බ)