IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සමරිසි පනතට මහා නා හිමි අප්‍රසාදය

(ෂේන් සෙනෙවිරත්න)

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළහ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන   අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති  අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල   ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක  මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව එම යොමු කොට ඇත.

රටේ සංස්කෘතික අනන්‍යතාවයන් , ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සාහ කරන්නේ  නම් එය රාජ්‍ය ආරාජිකවීමට මෙන්ම සමාජ බිඳවැටීමට බලපාන බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත .

ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතික උරුමකම් කියයි.

දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානත්වතාව යන යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්‍රිය සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි .

 



අදහස් (13)

සමරිසි පනතට මහා නා හිමි අප්‍රසාදය

අරවින්ද මොනරවිල Wednesday, 24 July 2024 03:43 PM

අනේ මහානායක හාමුදුරුවනේ මේ නොදන්නා කමටයි අහන්නේ, එතකොට පංසල ඇතුලේ සිදුවෙන අකටයුතුකම් ඕවාට අදාල නැද්ද?

:       32       61

සාධු Wednesday, 24 July 2024 04:59 PM

අරවින්ද උපාසක තැන මේ අහන්න. ගිහියන් සහ ශාසනය කියන්නේ දෙකක්. මේ සමරිසි ප්‍රශ්නය ගිහියන්ට ප්‍රශ්නයක් වුණාට ශාසනයේ ගොඩක් මේ වගේ දේවල් සිදුවෙනවා.

:       10       28

JayasekaraThursday, 25 July 2024 09:13 AM

පල්ලි වලත් සිද්ධ වෙනවානේ

:       0       3

fairoos Wednesday, 24 July 2024 03:45 PM

ඉතාම වැදගත් ඉල්ලීමක්...

:       22       27

KumaraWednesday, 24 July 2024 04:21 PM

කවුරුහරි මහානායක හිමිවරුන් නොමග යවලා. අවුරුදු සීයකටත් වඩා කලින් බ්‍රිතාන්‍යය පාලකයින් ගෙනා පනතකින් සමරිසි භාවය අපරාධයක් ලෙස නම්කර තිබීම ඉවත් කිරීම පමණයි මේ සංශෝධනයෙන් සිදුවෙන්නේ. ඉන්දියාව, නේපාලය පවා මේ දේ සිදු කළා.

:       8       36

රංබොඩ Wednesday, 24 July 2024 03:45 PM

පෙර අකුසලයකට සමරිසි වුණාට ඒක රටටම ගළපන්න යන්නේ නැතිව තමන් කැමැති දෙයක් රහසින් කරගෙන ගියානම් ඉවරනේ... මංගලයා ඉන්න කම් දැඟලුවේ මේකට... අශ්වයාට අං ආවා වගේ ගෙදර ගිය මනුස්සයා නායකයා වුණානේ...!

:       22       36

ඇන්ඩ්රූ සෙබඩවිල Wednesday, 24 July 2024 04:06 PM

සමරිසිවරුනි, වරියනි, තව පෝය කීපයයි. මාලිමා රජයක් යටතේ ඔබගේ අවශ්‍යතාවන් ඉටුකර දෙන්නෙමු. මහානායක උන්නාන්සේලාගේ අනුශාසනා යටතේ රට පාලනය කිරීමට අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමා කැබිනෙට්ටුව කටයුතු නොකරනු ඇත...

:       11       11

සාගල Wednesday, 24 July 2024 04:52 PM

හැම මගුලටම මෙයාලා හොට දානවා. හෙට හැමෝම සිරිකොතට එන්න. මෙයාලාට විරුද්ධව පියවරක් ගනිමු.

:       12       14

Toni Wednesday, 24 July 2024 05:05 PM

ප්‍රතිචාර අදහස් කියවද්දී තමයි තේරෙන්නේ ලංකාවේ ඉන්නේ මොනතරම් නොදියුණු ජාතියක්ද කියලා. සමරිසි යනු පුද්ගලයෙකුගේ පුද්ගලික දෙයකි.

:       13       26

Saman Wednesday, 24 July 2024 05:39 PM

මහනායක හාමුදුරුවරුන්ට පුළුවන් කමක් තියෙනවද මේ විදිහට මිනිස්සු ඉපදෙන එක නවත්තන්න. එහෙනම් මේක කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. මනුස්සයෙක් ලාභ උපන් විදිහට තමයි මේක සිද්ද වෙන්නේ.

:       9       21

DAVID Wednesday, 24 July 2024 06:25 PM

ගොඩදෙනෙක් සමලිංගිකයෝ කියලා දන්නේ අදනේ...!

:       5       19

Pradeep Kumara Wednesday, 24 July 2024 07:08 PM

සමරිසි විවාහයකට වැඩිය සමාජ පරිහානිය සිදුවන දේවල් අපේ රටේ සිදු වෙන්නේ නැද්ද හාමුදුරුවනේ? කුඩු මුදලාලිලාට, එතනෝල් කාරයින්ට සහ දූෂිත දේශපාලකයින්ට පිරිත් නූල් බැඳ බැඳ ඔවුන්ට ආශීර්වාද කරන ගමන් මෙවැනි දේකට විරුද්ධවීම සදාචාර සම්පන්නද?

:       7       21

Bunny Preena Thursday, 25 July 2024 09:33 AM

සංඝාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site