IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සිය  සැමියා සමග උරණවී ඔහුගෙන්  පලි ගැනීමට අවුරුදු එක හමාරක දැරියක  ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිය සිය ගැහැණු දරුවා මෙසේ ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.

දැරිය කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උඩප්පුව පොලිසිය පවසයි.  වතුර පෙවී සිටි දැරිය මේ වන විට සුවය ලබමින් පසුවන බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සඳමාලිසමරකෝන් මහත්මිය පැවසුවාය.

දැරිය ඉස්සන් ඇතිකරන ඇතිකරන ටැංකියට තල්ලු කරන ලදැයි කියන විසි හැවිරිදි මව උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

දැරිය ටැංකියට වැටී ඇති බව සැකකාරිය පොලිසියට මුලින්ම පවසා ඇතත් ඉස්සන් ගොවිපළේ ආරක්ෂාවට සවිකර ඇති ආරක්ෂක කැමරාවක රූප රාමු පරීක්ෂාකර බැලීමේදි සැකකාරිය සිය දියණිය අතින් අල්ලාගෙන ගොස් ටැංකියට තල්ලු කරන ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියෙ දඟලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.

 



අදහස් (4)

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි

සමන් - ඕමානය Saturday, 04 March 2023 08:23 PM

නොදෝමකින් මෙහෙමත් ගෑනු! උදාර මාතෘත්වයටත් නිගාවක්. දැන් දැන් මෙවැනි ප්‍රවෘත්ති අසන්ට දකින්ට වෙන අවස්ථා බොහෝමයි. විපරීත සමාජහර පද්ධති, නොහැදියාව හා අගයන් මෙයට හේතුවන බව සිතමි.

:       0       0

Anura Sunday, 05 March 2023 12:14 AM

අහිංසක දරැපැටියා කරපු වරද කුමක්ද? දිනපතාම රටවටින් ඇසෙන්නේ මෙවැනි දුක්මුසු පුවත්ය. කුඩා දරැවන්ට ඇති හිංසනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවති. මෙවැනි අපරාධ මර්දනය කොට රට යහමගට පත්වේවායි! හදවතින්ම පතමි.

:       0       0

fairoos Sunday, 05 March 2023 02:06 PM

ඉතාමත් කණගාටුයි... මෙහෙමත් මව්වරු...

:       0       0

Senarath Monday, 06 March 2023 02:31 PM

මේ අහිංසක දරුවත් ,මේ වගේ පවු කාර අම්මා කෙනෙකුට ඉපදෙන්න මොකක් හරි පවක් කරලා ඇති .මුන්ට ළමයා එපා නම් හදාගන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site